Photobucket

Saturday, December 8, 2012

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉවත්වූ බවට කථානායකවරයාට ලිඛිතව දැනුම්දී නැහැ

- නියෝජ්‍ය කථානායක
අගවිනිසුරුවරිය සඳහා වූ දෝෂාභියෝග විමර්ශනය සඳහා පත්කළ විශේෂ කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉවත්වූ බවට කථානායකවරයාට ලිඛිතව දැනුම්දී නැති බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශේෂ කාරක සභාවෙන් ඉවත්වී ඇත්දැයි මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවේදී ඊයේ (07) කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

ජනමාධ්‍යට ප්‍රකාශ කළාට වැඩක් නැහැ. අදාළ විශේෂ කාරක සභාවට පත්වූ මන්ත්‍රීවරුන් වගකිව යුත්තේ කථානායකවරයාට’ යැයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය. මේ අතර යම් හෙයකින් විපක්සයේ මන්ත්‍රීවරුන් සිව් දෙනා විශේෂ කාරක සභාවෙන් ඉවත් වුවද එම කාරක සභාවේ ඝන පූර්ණයට ඉන් බාධාවක් එල්ල නොවන බවටද නියෝජ්‍ය කථානායකවරයා විශ්වාසය පළකරමින් සඳහන් කළේය.

ලසන්ත වීරකුලසූරිය - රමේෂ් වරල්ලෙගම
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all