Photobucket

Saturday, December 8, 2012

මයික්‍රෝ උඳුනක් අලුත්වැඩියා කරමින් සිටි විදුලි ඉංජිනේරුවරයා විදුලිසර වැදී මරුට

මයික්‍රෝ අවන් එකක් අලුත් වැඩියා කරමින් සිටි විදුලි යාන්ත්‍රික ඉංජිනේරුවරයකු විදුලි සර වැදී මියයෑමේ සිද්ධියක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂණ උසාවියෙන් අනාවරණය වේ.

මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ මිරිහාන විමලවත්ත පදිංචිව සිටි චන්ද්‍ර කුමාර රාජපක්‍ෂ නමැති හැට හැවිරිදි එක්දරු පියෙකි.

මේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු එල්. එම්. එස්. රොද්‍රිගු මහත්මිය පැවැත්වූවාය.

මියගිය අයගේ බිරිය වන ක්ලැරිස් ශාන්ති වන්නිආරච්චි (53) මහත්මිය සාක්කිදෙමින් මෙසේ කීවාය. නිවෙසේ උඩු මහලේ සිටින විට මෙහෙකරු බණ්ඩා ඇවිත් සැමියාට විදුලි සර වැදී ඇති බව කීවා. එවිට සැනෙකින් බිම් මහලට එන විට උඩුබැලි අතට වැටී සිටි සැමියාගේ කටින් සෙම පිටවෙනවා දුටුවා. රාජා කියා සැමියාට කතා කළත් ඔහු කතා කළේ නැති නිසා වහාම රෝහලට රැගෙන ගියා. එහිදී සැමියා මියගොස් ඇති බව දැනගත්තා.

මියගිය අයගේ දියණිය කුෂානි අනිෂා හා රංජිත් කල්හාර හා මෙහෙකරු මුරුගන් බණ්ඩා යන අයද සාක්කි දුන්හ.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි මුදිත විදානපතිරණ මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්විය.

වෛද්‍ය වාර්තාව සහ ප්‍රකාශිත සාක්කි සැළකිල්ලටගත් හදිසි මරණ පරීක්‍ෂක රුද්‍රිගු මහත්මිය මේ මරණය විදුලි සර වැදීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට තීන්දු කළාය.

මිරිහාන පොලිසියේ පොලිස් කොස්තාපල් අතුල මහතා මේ පිළිබඳ පරික්‍ෂණ සිදුකර සාක්කි මෙහෙයවිය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all