Photobucket

Friday, December 28, 2012

ෂර්මාට-අක්මාල්ට දඩ

ඉන්දියාව සහ පාකිස්තානය අතර බැංග්ලෝර් නුවර පැවැති විස්සයි20 තරගය අතරතුර දී උණුසුම් වචන හුවමාරුවක පැටලුණු ඉන්දියාවේ වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මාට සහ පාකිස්තාන පිතිකරු කමරන් අක්මාල්ට දඩමුදලකට යටත් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේය.

එම තරගයේ පාකිස්තාන ඉනිමේ 18වැනි ඕවරය යැවූ ෂර්මා ඒ වනවිට පිතිහරඹයේ නිරතව සිටි අක්මාල් සමග ඇතිකරගත් මේ ගැටුම හේතුවෙන් අක්මාල්ට තරග මුදලින් 5%ක් ද, ෂර්මාට තරග මුදලින් 15%ක් ද දඩ ගැසූ බව අයි.සී.සී.ය නිවේදනය කළේය.

පිටියේ විනිසුරුවරුන් ඇතුළු විනිසුරුවරුන් සිවුදෙනාම මේ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කළ බවත්, එම සිදුවීමේ වී‍ඩියෝ පටය නැරැඹීමෙන් අනතුරුව මේ දඬුවම පැනවූ බවත් තරග තීරක රොෂාන් මහනාම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය‍.'ෂර්මා මේ වැරැද්ද සිදුකරනතුරු තරගයේ ජීවගුණය රැකී තිබුණා. අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන ෂර්මා තම කණ්ඩායමේ සෙසු සගයන් සහ විනිසුරුවරුන් අපහසුතාවයට පත්කළා.' මහනාම පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all