Photobucket

Friday, December 28, 2012

නත්තල් දා අධිවේගී මාර්ගයේ වාහන 13600 ක්‌ ගමන් කරයි

නත්තල් දවස පුරා දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගය හරහා රථවාහන 13600 කට අධික ප්‍රමාණයක්‌ ගමන් කර ඇතැයි වරාය සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා "දිවයින"ට 26 දා පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය. "දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි, සියයකට අධික ආදායමක්‌ රජය මේ වන විට උපයාගෙන තිබෙනවා. නත්තල් දා දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගය හරහා ගමන් කර තිබෙන දහතුන් දහකට අධික වාහන ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක්‌ ගමන් කර තිබෙන්නේ කොට්‌ටාව සහ ගාල්ල යන ස්‌ථානවල පිහිටි ප්‍රධාන දොරටු හරහායි. 2012 වසරේ අවසන් සතිය තුළ විශාල වාහන ප්‍රමාණයක්‌ අධිවේගී මාර්ගය හරහා ගමන් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මෙම මස 22 වැනිදාත් රථවාහන 12000 කට අධික ප්‍රමාණයක්‌ අධිවේගී මාර්ගය හරහා ගමන් කර තිබෙනවා. සාමාන්‍යයෙන් දිනකට දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගය හරහා ගමන් කරන්නේ රථ වාහන 6000 - 8000 අතර ප්‍රමාණයකි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all