නයිජීරියානුවන් දෙදෙනා සහ ශ්‍රී
ලාංකිකයා රිමාන්ඩ්
එංගලන්තයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල
තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටි ගණන් වංචා කළ බව කියන
නයිජීරියානු ජාතිකයන් දෙදෙනකු හා හලාවත පදිංචි ලාංකික
තරුණයකු ජනවාරි මස 2 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත
කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා (26 වැනිදා) දහවල් නියෝග කළේය.
මෙහි සැකකරුවන් වූයේ නයිජීරියානු ජාතික ඉජිබ් එමානුවෙල්, ඇබේ අගියෙන්ලගි ගාකමේගා හා හලාවත ඊබට් සිල්වා මාවතේ පදිංචි මහනෙල්ගේ නදිස් දර්ශන යන තිදෙනාය.
අළුත්ගම දර්ගානගරයේ මොහොමඩ් සලීම් මොහොමඩ් නිෂන් නමැත්තා විසින් විදේශීය රැකියා ලබාදෙන බව පවසා රුපියල් 12,53,000 ක් වංචා කරන ලදැයි කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ අතර හලාවත පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි බව අළුත්ගම පොලිසියේ සැරයන් (14504) රාජකරුණා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. සැකකරුවන් තිදෙනා පිළිබඳව පරීක්‍ෂණ අවසන් නැතැයිද අළුත්ගම පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කාවින්ද පියසේකර, අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රනාන්දු යන මහත්වරු පරීක්‍ෂණ පවත්වන බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
0 comments:
Post a Comment