Photobucket

Monday, December 31, 2012

‘මහා සිංහලේ වංශ කතාව‘ දෙක ආරම්භ කරනවා

ලබන්නා වූ නව වසර පිළිබඳ විශාල බලාපොරොත්තු රැසක් මගේ හිතේ තිබෙනවා. ඒවා මට ලබන නව වසරේ ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා.

ඉන් පළමු වන දේ තමයි නව චිත්‍රපටයක් නිර්මාණය කිරීම. එය ටිකක් අමුතුම විදිහක චිත්‍රපටයක් වේවි. මම ‘අබා’ චිත්‍රපටයෙන් ඉතිහාස චිත්‍රපට රැල්ලක් හදලා සංස්කෘතිකමය දොරටුවක් විවර කළා. ඒ ඔස්සේ චිත්‍රපට රැල්ලක් බිහි වුණා. 

 යළිත් මම වෙනස් ම ආරක සංස්කෘතිමය දොරටුවක් විවර කරන්න අදහස් කරනවා. අපි කාටවත් ඇස නොගැටුණු විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ තමයි මේ සිනමා නිර්මාණය බිහිවන්නේ.

ඊළඟට මම වේදිකාවට අලුත් යමක් එකතු කිරීමක් කරනවා. බරපතළ දැවැන්ත වේදිකා නිර්මාණයක් සඳහා සූදානම් වෙනවා. එය ජාත්‍යන්තර මට්ටමින් දියුණු වේදිකාමය සංගීතමය නිර්මාණයක්. මේ නිර්මාණය සඳහා මම සූදානම් වූයේ 2011 වසරේ සිටයි. එය 2013 වසරේ දී දියත් කරන්න බලාපොරොත්තු වෙනවා.

තුන්වනුව මේ වසරේ ආරම්භයේ සිට නැවත වතාවක් ස්වර්ණවාහිනී නාළිකාවේ ‘මහා සිංහලේ වංශ කතාව දෙක’ කොටස ආරම්භ කරනවා. එය මහා සිංහලේ යටත් විජිත වංශ කතාවයි. අපේ රට යටත් විජිතයක් වූ දිනයේ සිට තමයි මම මහා සිංහලේ වංශ කතාව පැවැත්වූයේ. ලබන වසරේ එතැන් සිට ඉදිරියට මෙය රැගෙන යනවා.

අද වනවිට කොළඹ නගරය ශීඝ්‍රයෙන් නවීකරණය වෙනවා. කොළඹ නමැති මේ සුන්දර මූකලාන සතුව ලස්සන අතීතයක් තිබෙනවා. 

මෙහි ඉතිහාස මූල කතාව ගැන සුන්දර වාර්තා රංග වැඩසටහනක් කරන්නත් ඒ වගේ ම මගේ ගඟ දිගේ පාරිසරික වැඩසටහන ‘මහා සිංහලේ වංශ කතාවේ’ දෙවන වෙළුම ‘සිළුමිණ’ පුවත්පතේ පළවූ ‘සංචාරේ’ ලිපි පෙළ මුද්‍රිත කෘති ලෙස එළි දක්වන්නත් මගේ ප්‍රාර්ථනා අතර තිබෙනවා. ඒ වගේ ම වසර 4 ක් පුරා ගුවන් විදුලියේ ‘පනා පුත්‍ර සමඟ හෝරාවක්’ වැඩසටහන ද කෘතියක් ලෙස එළිදක්වනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all