Photobucket

Saturday, December 1, 2012

මදුරු කොයිලයෙන් ගින්නක් පැතිරී නිදා සිටි මවත් දියණියත් පිළිස්සී මියයති

මදුරු නාශක කොයිලයකින් ඇවිලුන ගින්නක් පැතිරී යාමෙන් අද (01) අළුයම මවක් සහ දියණියක් නිවස තුළම පිළිස්සී මියගොස් ඇතැයි කුලියාපිටිය කොට්ටාශ භාර පොලිස් අධිකාරි දිනේෂ් කරුණානායක මහතා පවසයි. මෙම ශෝචනීය පුවත වාර්ථා වන්නේ කුලියාපිටියෙනි. 

 කුලියාපිටියේ, පන්නල පාරේ, සේනානිගම පදිංචි මවක් සහ දියණියක් මෙසේ දැවී මියගොස් ඇත. මූලික පොලිස් පරීක්ෂණවලදී ලැබී තිබෙන තොරතුරු මත මෙම සිද්ධිය වී ඇතැයි කියන්නේ මෙසේය. වයස අවුරුදු 37ක් වන ජේ.එච්.ජීවනී කුමාරි සහ ඇගේ අට හැවිරිදි වැඩිමහල් දියණිය වූ ඒ.කේ.නෙත්මි මලීෂා ඊයේ (30) රාත්‍රියේ නිදා ගත්තේ මෙම නිවසේ කාමරයක් තුළ පිහිටි ඇඳකය. 

එම කාමරයෙම ඇගේ සැමියා සහ වයස අවුරුදු එකහමාරක් වයසැති අනෙක් දියණිය ද වෙනම නිදා ගෙන ඇතැයි පැවසේ. මෙම කාමරයේ රාත්‍රි දැල් වූ මදුරු කොයිලය තිබී ඇදේ ඇත්තේ ඇඳුම් වැට අසලය. ‍මදුරු කොයිලයෙන් මෙම ඇඳුම් වැටේ තිබූ රෙදිවලට ගිනි ඇවිලි, එම ගින්න ඇඳට ද පැතිරී ඇතැයි කියති. ගින්න හටගත් ගත් අවස්ථාවේ කාමරයේ නිදා සිටි ජීවනීගේ සැමියා ඔහු සමග සිටි දරුවා රැගෙන නිවසින් එළියට පැන දරුව‍ එළියේ තබා වතුර රැගෙන පැමිණ ඇ‍‍ඳේ නිදා සිටි සිය බිරිඳට සහ දරුවාට වතුර ගසා ඇතැයි සඳහන් ය. නමුත් ගින්න නිවා දමන්නට නොහැකි වී තිබේ. අවට වැසියන්ද රැස් වී ගින්න නිවා දමා බලද්දි ජීවනී කුමාරි සහ නෙත්මි මලීෂා පිළිස්සී මියගොස් තිබී හමු වී ඇත. ගින්නෙන් මෙම කාමරය සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පැවසේ. මෙම සිද්ධිය පිළිබඳ කුලියාපිටිය කොට්ටාශය භාර පොලිස් අධිකාරි දිනේෂ් කරුණානායක මහතාගේ උපදෙස් මත කුලියාපිටිය පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
කේ.ඒ.ජයසූරිය (පඬුවස්නුවර)
 ලක්බිම ඇසුරින් පල කරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all