Photobucket

Saturday, December 1, 2012

සුවයට හානි කරන ආසනික්‌

දිගු කලක්‌ තිස්‌සේ ආසනික්‌වලට නිරාවරණය වීමෙන් මනුෂ්‍යයාට ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටලු ගැන පර්යේෂණ රැසක්‌ ලොව විවිධ රටවල සිදුව ඇති අතර ඉන් කීපයක්‌ ගැන තොරතුරු ගෙනහැර පෑම මේ ලිපියෙහි අරමුණයි. 1783-1830 කාලයේදී ජීවත්වු දකුණු ඇමරිකානු විප්ලවවාදී නායකයකු වු සිමොන් බොලිවර් මිය ගියේ දිගුකාලයක්‌ තිස්‌සේ ආසනික්‌ ලබාදීම නිසා බව ජෝනස්‌ හොප්කින්ස්‌ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ විසින් සොයා ගන්නා ලදී. කෙසේ වෙතත් ඇතමුන් තර්ක කරන්නේ මෙය වස දීමක්‌ නොව පේරුහි ජලයෙහි ආසනික්‌ බැහැර වීම නිසා සිදුවු අත් වැරැද්දක්‌ බවයි. 1953-1956 කාලපයේ දී ඉතාලියේ ඇමරිකානු තානාපති ධූරය දැරූ ක්‌ලෙයාර් බැත් ලැස්‌ මිය ගියේ ආසනික්‌ විෂ වීමෙන් ය එය ආසනික්‌ වලට අදාළ රෝග තත්ත්වයකි. ඇගේ නිදන කාමරයේ නිදාසිටි ඇඳට ඉහලින් සිලීමේ ආසනික්‌ ගල්වන ලදස සායම් තිබී ඇත. 
 ඇගේ මරණයට හේතුව එම සායම් බව විද්‍යාඥයන්ගේ මතයයි. ඇගේ නිදන කාමරයට අමතරව කෑම ගන්නා කාමරයේද සිවිලිමෙහි ආසනික්‌ සහිත සායම් ගල්වා තිබිනි. මේ සායම් කුඩු ආහාරවලට වැටීමෙන් ඇයට ආසනික්‌ ශරීරගත වු බවට ද මතයක්‌ තිබේ. නැපෝලියන් බොනපාට්‌ අධිරාජ්‍ය මිය ගියේද දිගු කලක තිස්‌සේ ආසනික්‌ ශරිරගත වීමෙන් යන්න දැන් පිළිගෙන ඇත. මහා සිතුවම්කරු වැන්ගොහ්ගේ ස්‌නායු රෝග තත්ත්වයන්ටත් මොනේ (ඵදබැඑ) නම් චිත්‍ර ශිල්පියාගේ අන්ධභාවයටත් හේතුව දිගු කලක්‌ තිස්‌සේ ආසනිත් තීන්ත වලට නිරාවරණයවීම බව කියෑවේ. එම අතීත කතන්දරවලින් මදකට මෑත්වී මෑතකදී විද්‍යාඥයන් විසින් කරන ලද හෙළිදරව්ව කීපයක්‌ වෙත අපගේ අවධානය දැන් යොමු කරමු. ස්‌වීඩනයේ රාජකීය තාක්‌ෂණ ආයතනයේ හා කැනඩාවේ සස්‌කට්‌චොවාන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ මනුෂ්‍යයාට රෝගාබාධ රැසක්‌ ඇති කිරීමට දිගුකාලීන ආසනික්‌ විෂවීම් හේතුවන බවයි. ප්‍රොසුන් බට්‌චාර්ය සිමොන් ලිබර් හැන්ස්‌ පීටර්සන් ඇතුළු පිරිස විසින් කරන ලද මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු ජර්නල් ඔෆ් එන්වයමන්ටල් සයන්ස්‌හි පළවී තිබේ. පිළිකා රෝග ගණනාවක්‌ හට ගැනීමට දිගුකාලීනව සිදුවෙන ආසනික්‌ ශරීරගතවීම හේතුවන බව එම පර්යේෂණය පෙන්වා දෙයි. චර්මීය පිළිකා, මුත්‍ර නාළ පිළිකා, පෙනහලු පිළිකා ඒ අතර වේ.

එසේම ස්‌නායු ආබාධ හටගැනීමටත් මෙය හේතුවන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ආසනික්‌ පුද්ගලයන්ගේ මතකය දුර්වල කරවයි. දිගුකාලීන මතකයට මෙන්ම බුද්ධිඵලයට ද මෙය හානිකර ලෙසබලපාන බව පෙනී ගොස්‌ තිබේ. ආසනික්‌වලට නිරාවරණය වු ප්‍රමාණය ඉහළ යත්ම ළමයින්ගේ බුද්ධි ඵලය පහළ ගිය පර්යේෂකයෝ පෙන්වා දෙති.

හදවත් රෝග හා හෝමෝන රටා අවුල්වීම

හදවත් රෝග

රැසකට ආසනික්‌ විෂවීම් බලපයි එසේම හෝමෝන ක්‍රියාකාරකම් අවුල්වීමට ද මෙය බලපායි. හෝමෝන ජානවල ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන්නට ආසනික්‌වලට හැකිය. ආසනයිට්‌ ඉතා අඩු සාන්ද්‍රණ පැවතීමේදී පවා මේ හානිය සිදුවන බව බට්‌ටාභාර්යය හා කපාඡ් ඇතුළු පිරිස පෙන්වා දෙති.

බට්‌ටාචාර්ය හා කපාඡ් ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ ආසනයිට්‌ වැනි ඉතා පහළ සාන්ද්‍රණවලින් පවා ශරීරගත වීම හේතුවෙන් හෝමෝන පද්ධතියේ ගැටලු ඇතිවන බවයි. මාත්‍රාව ඉහළ යාමෙන් හෝමෝන යාමනය වඩාත් අවුල්සහගත විය හැකිය.

දියවැඩියාවට ද බලපානවා

දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති කිරීමට හා එහි තත්ත්වය උග්‍ර කිරීමට දිගු කාලීන ආසනික්‌ විෂවීම් හේතුවන බව බට්‌ටාචාර්ය හා කපාඡ් ගේ අධ්‍යයනයෙන් පෙනේ. මීට අමතරව අක්‌මාවේ, ප්ලීහාවේ, අමාශයේ ආබාධ මෙන්ම නිද්‍ර ආබාධ, හිසරදය, පේශි විඩාව, සම කැසීම ඇස්‌ වේදනා, බර අඩුවීම, අනේමියා, උදරාබාධ පාචනය, කැස්‌ස, හන්දි වේදනා අතුළු ආබාධ රැසකට ආසනික විෂවිම් බලපාන බව බට්‌ටාචාර්ය හාකපාඡ් ඇතුළු පර්යේෂකයෝ පෙන්වා දෙති.

චර්මීය වණ

ඒ. එච් ස්‌මිත් ඇතුළු පිරිස විසින් 2000 කළ පර්යේෂණයෙකින් (මේ තොරතුරු හෙල්ත් පර්ස්‌පෙන්ට්‌ ජර්නලයෙහි පළවිය) හෙළිවුයේ චර්මීය වන හට ගැනීමට දිගුකාලීන ආසනික්‌ නිරාවරණයන් මූලිකවන බවයි. ස්‌මිත් මේ අධ්‍යයනය සිදු කළේ උතුරු චිලියේ කඳුකර පෙදෙස්‌වල හා පහත් බිම් ප්‍රදේශවල ජනයා ආශ්‍රයෙනි. ළිං වතුර පාවිච්චියට ගන්නා ප්‍රදේශවල අයගේ ආසනික්‌ නිසා හටගත් චර්මීය වන වඩාත් උග්‍ර බව මෙහිදී පෙනී ගියේය. එමගින් පැහැදිලි වුයේ භූගත ජලයෙහි ඇතුළත් වු ආසනික්‌ දිගුකාලයක්‌ පාවිච්චි එම ජනයාට සෞඛ්‍ය ගැටුල ඇතිවු බවයි.

1987 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එම් හට්‌න් (මොනිටර්න් ඇන්ඩ් ඇස්‌ට්‌මනට්‌ සෙන්ටර්හි) විසින් මෙහෙයවන ලද පර්යේෂණයකින් පෙනී ගොස්‌ ඇත්තේ චර්ම රෝග කීපයක්‌ වැළඳීමට දිගුකාලීන ආසනික්‌ නිරාවරනයන් (හෝ විෂවීම/ ශරීරගතවීම්) හේතුවන බවයි. Haeප්බටස දබැdදඑයෑකසප් නැමති දුර්ලභ අක්‌මාවේ පිළිකා රෝගය වැළඳීමට දිගුකලක්‌ තිස්‌සේ ආසනික්‌ ශරීරගතවීම හේතුවන බව මේ පර්යේෂණයෙන් හෙළිව තිබේ.

එසේම පෙනහලු පිළිකා, ස්‌නායු ආබාධ, ශ්‍රවණාබාධ ප්‍රජනක පද්ධතියේ රෝග, ගබ්සාවීම් ආදිය සඳහා දිගුකාලීන ආසනික්‌ ශරීරගත වීම හේතුවන බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි.

එසේම 1977 තරම් ඈත කාලයේදී ඕeබහ ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ දිගුකාලීනව ආසනික්‌ විෂවිම නිසා නම් රෝගය වැළඳෙන බවයි. 1995 තරම් ඈත කාලයේදී කිරි ආහාර පරිහරණය නිසා (ජපානයේ) ආසනික්‌ විෂවීම් ගැන වාර්තා වන බව ආචාර්ය එම් හට්‌න් පෙන්වා දෙයි.

2002 දී එම්. වයිලී, ඕ. එන්. චුන් ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනයකින් හෙලිවුයේ හදවත් රෝග වැළඳීම සඳහා දිගුකාලීන ආසනික්‌ විෂවීම් හේතුවන බවයි. ජලයේ ඇති ආසනික්‌ හේතුකොට ගෙන ක්‌ෂීරපායින්ගේ ධමනි සැඳීම ඉහළයන බවද පෙනී ගොස්‌ තිබේ.

2004 දී බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිස විසින් කරන ලද අධ්‍යයනයකදී හෙළිවුයේ බ්‍රොන්කටිස්‌ ඇතුළු ශ්වසනාබාධ රැසක්‌ ඇතිවීමට දිගුකාලීන ආසනික්‌ විෂවීම් බලපාන බවයි.

ගැබිනි මව්වරුන්ටත් හානි කරයි

ඉන්දියාවේ කරගපුර් තාක්‌ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම් බන්ධෝපා ඇතුළු පිරිස විසින් මෙහෙයවන ලද පර්යේෂණයකින් හෙළිව ඇත්තේ දිගුකාලීන ආසනික්‌ වලට නිරාවරණය වු අය අක්‌මා, පෙනහලු හා චර්ම රෝගවලට වැඩියෙන් ගොදුරු වන බවයි.

ඉහත සියලු අධ්‍යනයන්ගෙන් පෙනී යන්නේ ආසනික්‌ වුවද ඉතාමත් හානිකර බවයි. ඇතැම් විට ඉතා ඉක්‌මනින් මේ හානිකර ප්‍රතිඵල මතුවිය හැකි අතර තවත් විටක ඒ සඳහා කල් ගත වෙයි. එනිසා මිනිස්‌ සිරුරට ආහාරපානවලින් ශ්වසනයෙන්, ස්‌පර්ශයෙන් හෝ වෙනත් ක්‍රමවලින් ආසනික්‌ ඇතුළු වන්නේ නම් ඒ ගැන අවධානය දැක්‌වීම ඉතාමත් වැදගත් විය.

මෑතකදී කරන ලද අධ්‍යයනවලදී හෙළි වී ඇත්තේ ආසනික්‌ සුළුවෙන් හෝ ශරීර ගතවීම ගැබිනි මවුවරුන්ට හානි කර බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all