Photobucket

Wednesday, December 5, 2012

රුක්මලේ යකඩයා කුඩු සමඟ කොටු

අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවෙන් පැන ගොස් කට්ටි පැන පැන සිටි රුක්මලේ යකඩ ප්‍රේමලාල් හෙරොයින් ග්‍රෑම් 7 .17 0 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට කොට්ටාව පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උ. පො. ප. තුෂාර ගලගෙදර මහතා සමත්වෙයි.

දැඩි ලෙස හෙරොයින් මත්කුඩට ඇබ්බැහිවී ඇති යකඩ ප්‍රේමලාල්ට කුඩු සඳහා දිනකට රුපියල් 3000ක් පමණ අවශ්‍ය බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.

සැකකරු බන්ධනාගාරගතව සිට පැමිණි අයෙක් බව පොලිසිය පවසයි. ඔහු සන්තකයේ තිබී සොයා ගන්නා ලද භාණ්ඩවල වටිනාකම රුපියල් 350,000ක් පමණ වෙතැයි ගනන් බලා ඇත.

සොරකම් කරන ලද භාණ්ඩ බොහොමයක් විවිධ ස්ථානවලට විකුණා ඇති අතර සැකකරු අතුරුගිරිය, හෝමාගම යන පොලිසිය වලින්ද සොයායමින් සිට ඇත.

යකඩ ප්‍රවාහනයට යොදා ගන්නා ත්‍රිරෝද රථයක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. හෝමාගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. 

මහරගම විශේෂ
වේහැල්ලේ පියතිලක
දිනමිණ ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all