මේ වෙද්දී
ඊජිප්තුව නැවතත් මැද පෙරදිග උද්ඝෝෂණ රැල්‍ලේ කරළියට පැමිණ සිටියි. එදා
එනම් 2011 වසරේ ඊජිප්තු උද්ඝෝෂණ ඇරඹුණේ හොස්නි මුබාරක්ට එරෙහිවයි. මෙදා යළි
උද්ඝෝෂණ ඇරඹුණේ මුබාරක්ගෙන් පසු ජනපති ධුරයට ආ මොහොමඩ් මුර්සිට එරෙහිවයි. ඒ
අනුව ඊජිප්තු ජනතාවට මුබාරක් සේම මුර්සිවද එපා වී ඇති සෙයක් පෙනේ. පසුගිය
වසරේ සිට ඊජිප්තුවට උදා වී ඇති අපල කලදසාවේ වත්මන් කතාවයි මේ.
මෙවර
ඊජිප්තුව දෙකඩ කිරීමට බලපෑවේ ජනපති මොහොමඩ් මුර්සි තමන් වෙත නව බලතල පවරා
ගැනීමට ගත් ක්‍රියාමාර්ගයයි. නිවසේ සිටම සිය බලතල තහවුරු කර ගැනීමට මුර්සි
ගත් පියවර බලය ඉක්මවා යාමකි. අනෙක් අතට එය බොළඳ දේශපාලන තීරණයක්ද වේ.
මුර්සි නම් කියන්නේ ඊජිප්තු විප්ලවය ආරක්ෂා කිරීමට මේ පියවර ගත් බවයි. තම
තීන්දු තීරණවලට අභියෝග කළ හැකි වෙනත් කිසිදු බල අධිකාරයක් නොමැති බව

ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්ව පෙරමුණ නියෝජනය කරන මුර්සි ඉස්ලාමීය බලය ඉහළ නැංවීමට ක්‍රියා කරන බවටද මෙහිදී චෝදනා එල්ල වී තිබේ. මේ හරහා ඊජිප්තුවට ඉස්ලාමීය ව්‍යවස්ථාවක් හඳුන්වා දීම යටි අරමුණ බවට පත්ව ඇති සෙයක් පෙනේ. මුර්සි ගත් පියවර ඊජිප්තුව දෙකඩ කිරීමට තරම් ප්‍රබල අර්බුදයක් වූයේ ඒ නිසාවෙනි. දැන් මේ අර්බුදයේ එක් පැත්තක ඉස්ලාමීයෝ සිටියදී අනෙක් පසින් නිකායවාදීහු, ලිබරල්වාදීහු හා ක්‍රිස්තියානුවෝ වෙති. ඒ අනුව මෙය නිකාය වාදී ගැටුමක් බවට පත්වේදෝයි බියක්ද වේ. දැන් දැන් ඒ බිය දෙගුණ තෙගුණ වෙමින් තිබේ. මෙය කවදා කෙසේ විසඳුණද එය ඊජිප්තුවේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරන්නක් වනු ඇති බවට නම් සැකයක් නොවේ. රටේ ඉදිරි අනාගතය තීරණය කරන්නා වූ විශාල පිම්මක් පැනීමට මෙහිදී ඊජිප්තුවට සිදුවේ. එය ඊජිප්තුවේ පමණක් නොව මැද පෙරදිග ගමන් මගද තීරණය කරන්නක් වනු ඇත.
කෙසේ වුවද මුබාරක්ගේ පාලනය එපා කියා මුර්සි ජනපති පුටුවට ගෙන ඒමෙන් ඉඟුුරු දී මිරිස් ගත්තා හා සමාන සිද්ධියකට දැන් ඊජිප්තු වැසියෝ මුහුණ දී ඇති සෙයක් පෙනේ.
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment