ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත කඩුවෙල හේවාගම් කෝරලයේ (බටහිර)
විවිධ සේවා සමුපකාර සමිතියට අයත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා
ප්‍රංශ රජය මඟින් රුපියල් කෝටි විසිපහක ආධාර මුදලක් අදාළ සමුපකාර සමිතියට
ලබාදීමට සැලැසුම් කර ඇති බව එම සමිතියේ සභාපති එස්. ඒ. ලීලාරත්න මහතා
පැවැසීය.
දැනට නිෂ්පාදනය කෙරෙන කිරි ආශ්‍රිත නිපැයුම් 31ට අමතරව චීස් සහ බටර් ඇතුළු
තවත් නිපැයුම් කිහිපයක් සඳහා නිෂ්පාදනාගාරය නවීන තාක්ෂණ
යන්ත්‍රෝපකරණවලින් යුතුව නවීකරණය කෙරෙන බවද, සභාපතිවරයා සඳහන් කෙළේය.
“කඩුවෙල කිරි” යන නමින් දිවයින පුරා අලෙවි කෙරෙන මේ කිරි නිෂ්පාදන ජාලයට
අයිස්ක්‍රීම්, යෝගට්, මුදවපු කිරි, කිරිටොපි, දියර කිරි පැකට් හා බෝතල් ඇතුළු
වර්ග 31ක් ඇතුළත් වන අතර මේ නිෂ්පාදනවල මාසික අලෙවිය රුපියල් කෝටි දෙකකට
ආසන්න බවද සභාපතිවරයා කීය.
ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා පහසුකම් සලසා ඇති මේ ව්‍යාපෘතිය යටතේ කිරි
ගොවීන් විශාල පිරිසකගේ නිෂ්පාදන ඉහළ මිලකට මිලදී ගැනීමද, ඔවුනට ගොවිපළ
පවත්වා ගෙන යාම සඳහා විශේෂ ණය පහසුකම් ලබාදීමද සිදුකැරෙන අතර ඔවුන්ගේ
ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කඩුවෙල ග්‍රාමීය බැංකුව හරහා විශේෂ ඉතිරි කිරීමේ
යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කෙළේය.
පෙර පාසල් දරුවනට දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා දිනකට නැවුම් දියර කිරි
ලීටර් 1000ක් මේ කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේම කඩුවෙල ප්‍රාදේශීය ලේකම්
කාර්යාල දෙකකට බෙදාහැරෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
කඩුවෙල විශේෂ - සමදරා ජයසිංහ








0 comments:
Post a Comment