නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට පොලුවලින්
පහර දී සැරයන්වරයකු මරණයට පත් කළ නඩුවේ චෝදිත විත්තිකරුවන් 4 දෙනාට දඩ හා
සිරදඬුවම් අවසානයේ මරණීය දඬුවම් කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා
විජේසුන්දර මහත්මිය ඊයේ නියම කළාය.
මෙසේ මරණ දඬුවම් නියම කෙරුණේ කෑගල්ල පොලිස් වසමේ හිරිවඩුන්න පදිංචි
පතිරන්නැහැලාගේ පොඩි රාළහාමි නොහොත් “පොඩ්ඩේ”, පතිරන්නැහැලාගේ ජයසේකර
බණ්ඩා, පතිරන්නැහැලාගේ ජයතිලක සහ පතිරන්නැහැලාගේ ජයරත්න අයවලුන්ටය.
කෑගල්ල පොලිස් වසමේ හිරිවඩුන්නේ දී 2008/ 11/ 16 වෙනි දින නීති විරෝධී මත්පැන්
වැටලීමට ගිය අවස්ථාවේ දී චෝදිත විත්තිකරුවන් පොලු පහර දීමෙන් මරණයට පත්වූයේ
සැරයන් (2064) ඩබ්ලිව්. ජී. සුනිල් වල්පිටගමගේ නැමැති නිලධාරියෙකි.
මෙහිදී තුවාල ලැබූ අනිකුත් පොලිස් නිලධාරින් වූයේ එවකට කෑගල්ල පොලිසියේ සේවය
කළ කොස්තාපල් රාජපක්‍ෂ, රණසිංහ සහ රණසිංහ යන නිලධාරින්ය.
කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති ප්‍රාථමික නඩු විභාගයෙන් පසු
නීතිපතිවරයා කෑගල්ල පළාත්බද මහාධිකරණයට යොමු කර තිබූ මේ නඩුවේ පැමිණිල්ල
රජයේ අධිනීතිඥ චමින්ද අතුකෝරළ මහතා මෙහෙයවූ අතර විත්තිය වෙනුවෙන් නීතිඥ වජිර
බණ්ඩාර මහතා පෙනී සිටියේය.









0 comments:
Post a Comment