Photobucket

Sunday, December 9, 2012

මාලේ ගුවන්තොටුපළ පාලනය යළි මාලදිවයින අතට

මාලේ අගනුවර ප්‍රධාන ගුවන් තොටුපොළේ පාලනය, මාල දිවයිනේ බලධාරීන් අතට ගනු ලැබ තිබේ. ගුවන් තොටුපොළේ පාලනය ඉන්දියාවේ ජී එම් ආර් සමාගම අත පැවැති අතර, එම සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ගිවිසුමක් අවලංගු කරනු ලැබීමෙන් පසුවයි, එවැනි පියවරක් ගනු ලැබුනේ.

එම ක්‍රියාවලිය කිසිදු බාධා කිරීමකින් තොරව ඉතාම පහසුවෙන් සිදු වූ බවයි මාල දිවයින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොල සංවර්ධනය කිරීම සඳහා GMR සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ආයෝජන ගිවිසුමක් අහෝසි කිරීමට මාල දිවයින් සමුහාන්ඩුවේ බලධාරීන් පසුගියදා පියවර ගත් අතර, එය මුල්කර ගෙන ඉන්දියාවත් සමඟ ආරාවුලක් මතුවයි තිබුනේ.

එවැනි පියවරක් ගනු ලැබීම මාල දිවයිනේ සිදුකෙරෙන ආයෝජන වලට බලපෑමක් ඇතිවිය හැකැයි ඉන්දියාව ප්‍රකාශ කර තිබුණි.

ඉන්දියානු සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ගිවිසුම අවලංගු කරනු ලැබීමට එරෙහිව සිංගපූර් උසාවියක් තහනම් නියෝගයක් නිකුත් කර තිබුනත් මාල දිවයින් බලධාරීන් කියා සිටියේ ඔවුන්ගේ තීරණයේ කිසිදු වෙනසක් එමගින් සිදු නොවන බවයි.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all