Photobucket

Sunday, December 9, 2012

කිලෝමීටර් 932 ක් දිග පිරිත් නූලක්

ශ්‍රී ලංකාවාසීන්ට සෙත් පතා රතන සූත්‍ර දේශනාවෙන් බල ගැන්වූ කිලෝ මීටර් 932 ක් වු පිරිත් හුයක් වදුරඹ සිට යාපනය නාගවිහාරය දක්වා වූ මාර්ගයේ දෙසැම්බර් මස 12 අලුයම 12.12 (2012.12.12.12.12) සිට ස්ථානගත කිරීමට කටයුතු යොදා ඇත. 

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේත් ජාතික සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශයේ සහ එම අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ විශේෂ සහාය මත වදුරඹ මිහිඳු සමාජ සංවර්ධන කේන්ද්‍රය මේ පුණ්‍ය කටයුත්ත සංවිධානය කොට ඇත.

වදුරඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට, කතරගම, ලුණුගම් වෙහෙර, වැල්ලවාය, බණ්ඩාරවෙල, නුවරඑළිය, මහනුවර, අනුරාධපුරය හරහා යාපනය නාග විහාරය දක්වා වූ මාර්ගයේ ඉහළින් මෙම පිරිත් හුය ස්ථානගත කෙරෙන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 60 ක් පමණ ඉන් ආවරණය කෙරෙනු ඇත. 

අදාළ සියලු ප්‍රාදේශීය සභාවන් හි සභාපතිවරුන් සහ පළාත් සංස්කෘතික මධ්‍යස්ථාන මේ සඳහා අවශ්‍ය සහාය ලබාදීම සිදු කරනු ඇති අතර දෙසැම්බර් 21 දා යාපනය නාග විහාරයට පැමිණීමෙන් මේ පින්කම අවසන් කෙරෙනු ඇත.

රමණී සුබසිංහ
සිළුමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all