Photobucket

Sunday, December 2, 2012

කඨිනෙට කියා බොරුවට මුදල් ගරලා

ඉන්දියාවේ සැවැත් නුවර වාර්ෂිකව කඨින පූජා පිංකම පවත්වන්නේ යැයි කියමින් වංචනිකව ජනතාව මුලාකොට ලක්ෂගණනින් මුදල් ලබාගන්තේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිමිනමක් රු 10,000 ක මුදල් ඇප හා ලක්ෂ 2 බැඟින් ශරීර ඇප දෙකක් සහිතව මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී අමරසිංහ මහතා 29 නියෝග කළේය. 

මෙලෙස නියෝග ලැබුවේ ගනේමුල්ල කඩුවන විහාරයක වැඩ විසූ හිමිනමකටය. ඉන්දියාවේ සැවැත්නුවර වාර්ෂිකව පවත්වන කඨින පූජා පිංකම තමා විසින් සිදුකරන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති වන පරිදි ව්‍යාජව පෙනී සිටීමෙන්ද අසත්‍ය තොරතුරු අඩංගු මුද්‍රා සහිත ලේඛණ ඉදිරිපත් කරණ ලදැයිද එම ලේඛණ හා වංචනිකව එකතු කළ මුදල් ලඟ තබා ගැනීම හා සාවද්‍ය පරිහරණය කළේ යැයි යන චෝදනා හතරක් සැකකාර හිමිනමට එරෙහිව රාගම පොලිසිය ගොනු කර තිබුණි. 

ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all