රතු වැස්ස සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ අභ්‍යාවකාශයේ ජීවීන් සිටින‍්නේද
යන්න සොයා බලන පර්යේෂණයක් දක්වා පුළුල් කිරීමට එහි පර්යේෂණ කණ්ඩායම තීරණය කර
ඇත.
පසුගිය දිනවල මෙරට ඇතැම් ප්‍රදේශවලට ඇද හැළුණු රතු වැස්ස සම්බන්ධයෙන්
පවත්වන පර්යේෂණ කටයුතු ඒ අනුව තවදුරටත් පුළුල් කිරීමට තීරණය කළ බව වෛද්‍ය
පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පැවැසුවේය.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, එංගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා
නැනෝ තාක්ෂණ ආයනතය එක්ව මේ පර්යේෂණ සිදුකෙරේ.
රතුවැස්ස හා එහි ජීවින්ගේ සම්භවය පිළිබඳ පවතින සිද්ධාන්ත අනුව මේ සිද්ධිය
සම්බන‍්‍ධයෙන් සොයා බැලීමට එංගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව
විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ද පසුගියදා මෙරටට පැමිණියේය.
කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ආරාධනයෙන් මහාචාර්ය චන්ද්‍රා
වික්‍රමසිංහ හා වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක
මහත්වරුන් එම විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන්ට දේශනයක් පැවැත්වීම ද
පෙරේදා(11) සිදුකෙරිණි.









0 comments:
Post a Comment