Photobucket

Thursday, December 13, 2012

මාදම්පේ පුලියන්කාර විහාරයේ චූඩා මාණික්‍යය සොරු ගෙන යති

මාදම්පේ පුලියන්කාර සුගතාරාම විහාරස්‌ථානයේ දාගැබේ කොත් කැරැල්ලේ තිබූ මිල කළ නොහැකි චූඩා මාණික්‍යය මීට දින කිහිපයකට උඩදී සොරාගෙන යැම සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එම විහාරාධිපති හිමියන්ගේ පැමිණිල්ලකට අනුව මෙම පරීක්‍ෂණ කෙරෙන බව මාදම්පේ පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් ඊයේ (12 දා) සවස්‌ වනතුරු කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

මේ අතර චූඩා මාණික්‍යය සොරා ගෙන යැමේ සිද්ධිය සැලවීමත් සමඟ ඊට විරෝධය පළ කරන ප්‍රදේශවාසීහු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට බලකර සිටිති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all