Photobucket

Wednesday, December 12, 2012

පුත්තලම ඩෙංගු ඉහළට

පුත්තලම දිස්ත්‍රිකයේ ඩෙංගු රෝගී අවදානම ඉහළ ගොස් ඇතැයි පුත්තලම දිස්ත්‍රිකයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තුෂණි දඹරේණු මහත්මිය පැවසුවාය. ඇය මේ බව ප්‍රකාශ කළේ ඩෙංගු අවදානම සම්බන්ධයෙන් ‘ලක්බිම online’ කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඇය පෙන්වා දුන්නේ පුත්තලම දිස්ත්‍රිකයේ ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශ මේ වනවිටත් හඳුනා ගෙන ඇති බවයි 

ඒ අනුව පුත්තලම නගරයෙන් ඩෙංගු රෝගීන් 15 ක් මදුරන්කුලිය නගරයෙන් 10 ක් හලාවත නගරයෙන් 10 ක් වෙන්නප්පුව නග‍රයෙන් රෝගීන් 20 ක් වාර්තා වී ඇති බවයි. මෙම ප්‍රදේශවල ඩෙංගු රෝගී අවධානම පාලනය කිරීමට හැකි වී ඇතත් ඉදිරි දිනවල කාලගුණයේ සිදුවන වෙනස්කම් අනව මෙම අවදානම ඉහළ යා හැකි බවයි. මේ අතර පුත්තලම දිස්ත්‍රිකයේ මදුරු ගණත්වය ද සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි කඩින කඩ වැසි ලැබීම, වතුර වලවල් විශාල වශයෙන් පැවතීම, හා නියං කාලයේ භාවිතා කළ එහෙත් මේ වන විට සැකහැර දමා ඇති නළ ළිං ‍වලද මදුරු කීටයන් බෝවීමේ අවදානම ඉහළ ගොස් තිබේ. 
 
කීර්ති ශ්‍රී බඹරබැද්ද - පුත්තලම
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all