Photobucket

Monday, December 10, 2012

විවෘත ගොල්ෆ් ශූරතාව 7වැනි වරටත් රෝහණට

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය මෙහෙයවනු ලැබූ UTE – CAT විවෘත ගොල්ෆ් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පසුගිය වසරේ ශූරයා වූ අරුණ රෝහණ සමත්විය. ඔහු විසින් ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව දිනාගනු ලැබුවේ 7වැනි වරටය. ඒ අනුව ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතා 7ක් දිනාගත් හිටපු ප්‍රවීණ ක්‍රීඩක නන්දසේන පෙරේරාගේ වාර්තාව සමකිරීමට අරුණ රෝහණ සමත්විය.

යුනයිටඩ් ට්‍රැක්ටර්ස් සමාග‍මේ අනුග්‍රහයෙන් පැවැති මේ තරගාවලියේ සම අනුශූරතා මිතුන් පෙරේරා, කේ.ප්‍රභාකරන් සහ විජිත රෝහණට හිමිවිය. අන්තර් ජාතික ‍ගොල්ෆ් පිටියේ දස්කම් දැක්වූ විශිෂ්ට ක්‍රීඩක එන්.තංගරාජා පස්වැනි ස්ථානය අත්කර ගත් අතර ලලිත් කුමාර සහ කේ. ඒ. චන්ද්‍රදාසට හයවැනි ස්ථානයත්, චානක පෙරේරාට 8වැනි ස්ථානයත් හිමිවිය. සිසිර කුමාර 9වැනි ස්ථානය අත්කරගත් අතර 10වැනි ස්ථානය හිමිවූයේ එම්.ආරුමුගම්ටය.

මේ තරගාවලියේ පෑම් ප්‍රනාන්දු අභියෝගතා කුසලාන අත්කරගැනීමට නිලූ ජයතිලක සමත්වූවාය. අනුශූරිය වූයේ නිශා නිර්මලාලිංගම්ය. ෂෙරෝන් ප්‍රනාන්දු UTE – CAT අභියෝගතා කුසලාන දිනාගත් අතර පෑම් සූන් කිම් අනුශූරතාව හිමිකරගත්තේය. කොළඹ රාජකීය ගොල්ෆ් සංගමයේ සභාපති සහ නායක ප්‍රියාත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ආනා පුංචිහේවා මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණි.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all