
නියැන්ඩර්තාල්වරුන් ජීවත්වූ ප්‍රංශයේ ‘ගේරාටෙ ඩියු රෙනේ’ නම්වූ ලෙනක තිබි
සොයා ගන්නා ලද මෙම පුරාවස්තු කීපය පුරාවිදුවන් හට විසඳාගත නොහැකි ගැටලුවකට
මූලාරම්භය සටහන් කළේ, ඒවා නියැන්ඩර්තාල්වරු විසූ භූමියකින් හමුවුවද නූතන
මිනිස් ආභාෂය ලැබූ බවට ඒවායේවූ කැපී පෙනෙන සලකුණුය. ‘චැටල්පෙරෝනියන්’
සංස්කෘතික ලක්ෂණ දැරූ මෙම ආභරණ හා ආයුධවල සැබෑ හිමිකරුවන් පිළිබඳ විවාද
මානව විද්‍යාඥයන් අතර උණුසුම්ව පැවතුණකි. ජර්මනියේ ‘මැක්ස් ප්ලෑන්ක්’ ආයතනය
විසින් කාබන් දින නිර්ණය ඇසුරෙන් කළ පර්යේෂණ ඇසුරින්, මෙම පුරාවස්තු සැබෑ
ලෙසට නියැන්ඩර්තාල්වරු විසින් සිදු කළ නිර්මාණයන් බවට තහවුරුවී ඇති සේම
තවත් වැදගත් හෙළිදරවු කිරීමක්ද ඔවුන් විසින් සිදුකර ඇත. ඒ එකී ප්‍රදේශයට
නූතන මානවයන්ගේ සිදුවූ ආගමනයෙන් පසුව මෙම නිර්මාණ සිදුකර ඇති බවයි. ‘චැටල්
පෙරෝනියන්’ සංස්කෘතිය වැනි සංක්‍රාන්ති නිර්මාණකරණයන් ඉතා වැදගත් වනුයේ
බටහිර යුරේෂියාවේ විසූ නියැන්ඩර්තාල්වරුන් නූතන මානවයන්ගෙන් ප්‍රතිස්ථාපනය
වීමේ සංකීර්ණ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලැබිමටයි.
ඒ මීට වසර
40,000-50,000 අතර කාලයේදීවූ පූර්වශිලා යුගයේදීය. ආභරණවලට
නියැන්ඩර්තාල්වරුන් හා නූතන මානවයන් යන දෙකොට්ඨාසයට හිමිකම් කීමේ ගැටලුව
විසඳාගැනීම සඳහා මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ විද්‍යාඥ කණ්ඩායමක් විසින් ගේරාටේ
ඩියු රෙනේ ලෙනේවූ පස් ස්ථර කීපයකින් ලබාගන්නා ලද නියැන්ඩර්තාල් මානවයන්ට
අයත් අස්ථි එහිවූ ඒවායේවූ කාබන් සමස්ථානික ආධාරයෙන් වයස නිර්ණය කරන ලදී.
අබරණ හමුවූ ස්ථරයෙන් ලබාගන්නා ලද අස්ථිද මෙසේ පරීක්ෂාවට භාජනය කෙරුණ අතර
ඉන් තහවුරු වූයේ ස්ථර එකිනෙක කලවම් වීමක් සිදුනොවී ඇති බවත් ඒ නිසා
සොයාගන්නා ලද ආබරණද නියැන්ඩර්තාල්වරුන්ටම
අයත් වූවක් බවත්ය. එපමණක් නොව ආභරණ අයත් වන කාලවකවානුව නිර්ණය කිරීමට
හැකිවීමෙන් සිදුවූ අනෙක් වැදගත්ම හෙළිදරවු කිරීම වන්නේ නියැන්ඩර්තාල්වරුන්
‘චැටල් පෙරෝනියන්’ සංස්කෘතියට අයත් නිර්මාණ බිහිකරන සමයේදී නූතන මානවයන්ද
ප්‍රංශය ආශ්‍රිත භූමි කලාපයේ ජීවත්වූ බවයි. එනම් ආදිකල්පිත
නියැන්ඩර්තාල්වරුන් හට මෙබඳු සංකීර්ණ නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය දැනුම හා
කුසලතාව ලැබි ඇත්තේ බටහිර යුරෝපයට නූතන මානවයන් විසින් එකී ශිල්පීය ක්‍රම
හඳුන්වා දීමෙන් අනතුරුවය.
ප්‍රියන්ති රුද්‍රිගු
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
0 comments:
Post a Comment