Photobucket

Monday, November 19, 2012

කොමර්ෂල් බැංකුවේ 60 වන පරිගණක පුහුණු මධ්‍යස්‌ථානය තෙලිඡ්ජවිල මැදි විදුහලට

කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්‌ෂණික සාක්‍ෂරතාව නැංවීමේ ජාතික තලයේ ප්‍රජා ව්‍යාපෘතිය යටතේ අංග සම්පූර්ණ පරිගණක පුහුණු මධ්‍යස්‌ථානයක්‌ මාතර දිස්‌ත්‍රික්‌කයේ තෙලි-ජවිල මැදි විදුහලට පරිත්‍යාග කිරීමට බැංකුව පසුගියදා පියවර ගන්නා ලදී.

computer

බැංකුව මගින් පරිත්‍යාග කළ 60 වන පරිගණක පුහුණු මධ්‍යස්‌ථානය මෙය වන අතර මෙමගින් සිසු සිසුවියන් 2850 කට සෙත සැලසේ. මෙම ව්‍යාපෘතිය යටතේ කොමර්ෂල් බැංකුව විසින් මේ දක්‌වා ප්‍රදානය තුළ පරිගණක පුහුණු මධ්‍යස්‌ථාන තුළින් දිවයින පුරා වෙසෙන පාසල් දරු දැරියන් 30,000 කට පමණ තොරතුරු තාක්‌ෂණික අධ්‍යාපන පහසුකම් ලබාදීමට හැකිව තිබේ.

බැංකුව විසින් පරිත්‍යාග කළ පරිගණක පුහුණු මධ්‍යස්‌ථානය නිල වශයෙන් විවෘත කිරීම කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සභාපති කේ. ජී. ඩී.ඩී. ධීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්‌ථාවට බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයේ සාමාජිකයෝද සහභාගි වූහ.

බැංකුව විසින් පරිත්‍යාග කළ පරිගණක පුහුණු මධ්‍යස්‌ථානයේ සිසුන් අධ්‍යයන කටයුතු සිදු කරමින්.
gurugedara 
දිවයින ඇසුරින් පල කරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all