Photobucket

Monday, November 19, 2012

‘ලංකාලෝකය’ මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය ගිනිබත් කරයි

හබරාදූව පොලිස් වසමේ පිහිටි කතළුව, රන්වැල්ල පුරාණ විහාරස්ථානයේ ඊයේ (19) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නකින් එම විහාරස්ථානයේ කොටසක් විනාශ වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත වූ ‘ලංකාලෝකය’ 1860 වර්ෂයේ දී  මුද්‍රණය කළැයි සැලකෙන ඉපැරැණි මුද්‍රණ යන්ත්‍රය මෙම විහාරස්ථානයේ තිබූ බව කියන අතර මෙම ගින්න හටගත් කොටසේ එම යන්ත්‍රය තිබී ඇත. ගින්නෙන් එම යන්ත්‍රය සමග තවත් ඉපැරැණි වටිනා වස්තු රාශියක් විනාශ වී තිබේ. 

සිද්ධිය වූ දින ඊයේ රාත්‍රියේ විහාරාධිපති හිමියන් පංසලේ සිට නැති බව වාර්ථා වේ. මෙය කඩාකප්පල් ක්‍රියාවක් බව සැලකේ.   මෙම සතියේ බ්‍රහස්පතින්දා හබරාදූවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පළාතේ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ ගිහි පැවිදි ප්‍රභූන්ගේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබී. ඇත. 

එහිදී මෙම ඉපැරැණි මුද්‍රණ යන්ත්‍රය ජාතික කෞතුකාගාරය වෙත ලබා දීමෙ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබී ඇත. එවැනි තත්ත්වයක් යටතේ මෙම යන්ත්‍රය තබා තිබූ කොටස මුළුමණින්ම ගින්නෙන් විනාශ වීම පිටුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇතැයි විශ්වාස කෙරේ. හබරාදූව පොලිසිය පරීක්ෂණ පවත්වයි.




ලක්බිම ඇසුරින් පල කරන ලදී.

 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all