Photobucket

Monday, November 19, 2012

කරාපිටිය රෝහලේ වකුගඩු බද්ධ සැත්කම් ඇරැඹේ

දකුණු පළාතේ මුල්වරට වකුගඩු බද්ධ ශල්‍යකර්ම සිදුකිරීම ඊයේ (19 දා) පෙරවරුවේ ගාල්ල කරාපිටිය රෝහලේදී ආරම්භ විය.

ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් වූ මේ ප්‍රථම බද්ධ සැත්කම සිදු කළේ අම්බලන්තොට රුහුණු රිදියගම පදිංචි එච්. ඒ. කරුණාසේන (50) නමැති තිදරු පියෙකු හටය. මොහුට වකුගඩුවක්‌ පිරිනැමුවේ රුහුණු රිදියගම පදිංචි ඩබ්. ඩී. සම්පත් නමැති අයෙකි.

ගාල්ල කරාපිටිය රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතාගේ අධීක්‌ෂණය යටතේ ප්‍රතිකාර ලැබූ මෙම රෝගියා ඊයේ ශල්‍යකර්මය සඳහා ශල්‍යාගාරය වෙත රැගෙන එනු ලැබුවේ ආගමික වතාවත්වලින් පසුවය.

කරාපිටිය රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ රංචක උභයසිරි නාලක ගුණවර්ධන සහ කෝලිත කරුණාසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් මෙම සැත්කම සාර්ථකව සිදුකරනු ලැබූහ. මින් ඉදිරියට කරාපිටිය රෝහලේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට හැකියාව ඇති බැව් කරාපිටිය රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
gurugedara 
ලක්බිම ඇසුරින් පල කරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all