ඇතිමලේ
මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර මොනරාගල නයන ඉහලගෙදර සහ ම.ප.තිලකසූරිය

මෙම සිසුන්ගේ සිරුර පුරාම කැසීමට ලක්‌වී ඇති අතර, රතු පාටට හුරු බිබිලි දමා තිබේ.
රෝගයට ගොදුරු ශිෂ්‍යයෝ ඇතිමලේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
ඉකුත් දින රට අභ්‍යන්තරයේ ප්‍රදේශ කිහිපයක සිසුන්ට ඇතිවූ රෝග ලක්‍ෂණ ද මෙම සිසුන් තුළත් දක්‌නට ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සිසුන්ගේ ඇඟ කැසීම හා පලු දැමීම අඩුවක් දක්‌නට ලැබී
නැති අතර මෙය භයානක තත්ත්වයක් නොවන බවද රෝහල් ආරංචි මාර්ග
සඳහන් කරයි.
තෙල්දෙණිය
සිරිල් විමලසූරේන්ද්‍ර
ශරීරයේ කැසිල්ලක් හා පලු නැඟීමක් වැළඳුණු තෙල්දෙණිය සෙනරත්වල විදුහලේ සිසු සිසුවියන් සය දෙනකු ඊයේ (19 දා) මැණික්‌හින්න රෝහලට ඇතුළත් කර තිබේ. අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනු ලැබූ සිසු සිසුවියන් රෝහලෙන් පිටත් කර යවා ඇත.
සිසුන්ට ප්‍රතිකාර ලබාදී පිටත් කළ බව මණික්‌හින්න රෝහලේ වෛද්‍යවරුන් ගෙන් දැනගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය අධිනීතිඥ සුනිල් කේ. අමරතුංග මහතා පැවැසීය.
ගම්පොල

ගම්පොල සුරංග
දිල්හාන්
පාසල ඇරීමට ආසන්නව තිබියදී ගම්පොල මුස්‌ලිම් මහා විද්‍යාලයේ සිසු දරුවන් 18 දෙනකු රෝගාතුර වී ගම්පොල ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇත. එම සිසුන් අතරින් දෙදෙනකු නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, අනෙකුත් සිසුන්ට බාහිර ප්‍රතිකාර ලබාදීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් පී. බණ්‌ඩාර මහතා පවසයි.
ගම්පොල ප්‍රදේශයේ පාසල් තුළ පැතිර ගිය අසාත්මිකතා රෝග ලක්‍ෂණම මෙම සිසු දරුවන් තුළ ද දක්‌නට තිබිණි.
මේ වන විට ගම්පොල ජිනරාජ බාලිකා මහා විදුහල, පන්විලතැන්න මහා විදුහල, අටබාගේ උඩගම මහා විද්‍යාලය සහ මුස්‌ලිම් මහා විද්‍යාලය තුළ මෙම රෝගය පැතිර ගොස් ඇත.
දිවයින ඇසුරින් පල කරන ලදී.

0 comments:
Post a Comment