ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් අත්සන් කිරීම
සංගක්කාර තුන්දින තරගයෙන් ඉවත් කරයි
සංගක්කාර තුන්දින තරගයෙන් ඉවත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිය වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප
කිරීම හේතුවෙන් එළැඹෙන බංග්ලාදේශ තරගාවලියේදී එම ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාව
නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වන ලකුණු පහළ වී තිබේ. පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාවක් පැවති අතර,
එහිදී ඉදිරිපත් කරන ලද නව ගිවිසුම ක්‍රීඩකයන් විසින් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ. සෙනසුරාදා
ක්‍රීඩකයන් ගිවිසුම අත්සන් නොකළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ
පෙරවරු 9.00ට පෙර ගිවිසුම අත්සන් කරන ලෙස ක්‍රීඩකයන්ට දන්වා තිබුණි. එහෙත්
මෙම ක්‍රීඩකයන් ගිවිසුම අත්සන් කිරීමට නොපැමිණි අතර, බංග්ලාදේශ තරගාවලිය
සඳහා ටෙස්ට් සංචිතය නම් කිරීමට පෙර ඊයේ පස්වරු 6.30ට තේරීම් කමිටු සභාපති
සනත් ජයසූරිය සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර ඇති ගිවිසුමේ නව කොන්දේසි තුනක් පිළිබඳව ක්‍රීඩකයන් අකමැත්තෙන් පසුවන බව වාර්තා වන අතර, විදෙස් සංචාරයකට සහභාගි වෙද්දී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට ක්‍රිකට් ආයතනය විසින් ගුවන් ටිකට්පත් සහ වෙනත් වියදම් ලබා දීම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පවත්වන තරගවලදී ශ්‍රී ලංකාවට හිමිවන මුදලින් 25ක ප්‍රමාණයක් ක්‍රීඩකයන්ට ලබා දීම මින් පසු නොකිරීම, අයි.පී.එල්. හෝ ප්‍රිමියර් ලීග් තරගාවලිවලට ක්‍රීඩා කරන කාලය තුළ ක්‍රිකට් ආයතනයෙන් වැටුප් නොගෙවීම මෙම කරුණු තුන වේ. මේ අතර ඊයේ මාතරදී ආරම්භ වූ බංග්ලාදේශයට එරෙහි තුන්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට සිටි කුමාර් සංගක්කාර, එම කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.
ඉන්පසු ක්‍රීඩකයන් විසින් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඊයේ සවස තේරීම් කමිටු සභාපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු අවසන් තීරණය ගැනීමට නියමිතව තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයන් අකමැති වුවහොත් නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බංග්ලාදේශ තරගාවලියට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි.





0 comments:
Post a Comment