පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය
තුළ පිහිටි අක්‌කර හාරසිය පනහක් විශාල උච්චිමුනි දූපත අනූනම
අවුරුදු බදු පදනම මත රුපියල් මිලියන එක්‌දාස් හැත්තෑවක (1070)
මුදලකට සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා විදේශීය
සමාගමකට ලබාදීමට රජය සැලසුම් කර තිබේ.
මේ සඳහා වන ඉඩම් පවරාදීමේ කටයුතු මේ වන විටත් ආරම්භකර ඇතැයි ඉඩම් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය.
ජෛව විවිධත්වයෙන් යුත් පාරිසරික වශයෙන් වැදගත් ප්‍රදේශයක පිහිටි මෙම උච්චිමුනි දූපත සංචාරක හෝටල් සහ ඒ ආශ්‍රිත සේවාවන් සපයන ආයතන ඉදිකිරීමට ලබාදීමට එරෙහිව පරිසර සංවිධාන ගණනාවක් මේ වනවිට විරුද්ධත්වය පළකර ඇත.
0 comments:
Post a Comment