ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් පාලමකින් යා කිරීමේ ඩොලර් බිලියන 5.19ක් (රුපියල් බිලියන 736.65) වැය වන ව්‍යාපෘතිය පිළිබඳ නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දීය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරී ප්‍රකාශ කොට ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කර සිටියි.
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි අතර කිලෝමීටර් 22ක් දිගැති ගොඩබිම් පාලම ඉදිකිරීම පිළිබඳ මෙම ව්‍යාපෘතිය ගැන දෙරටේ විදේශ ලේකම් මට්ටමේ සාකච්ඡා මුලින් ආරම්භ කරන බව ඉන්දීය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරි මහතා ප්‍රකාශ කොට ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මුහුදු පාලමකින් සහ මුහුද යටින් ඉදිකෙරෙන උමං මාර්ගයකින් සමන්විත ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සැපයීමට ආසියා සංවර්ධන බැංකුව දැනටමත් ඉදිරිපත් වී ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් පසුගිය දා ඉන්දියාවේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ අතර, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය ඇතුළත් සාක් කලාපය ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ගැනීම තම අදහස බව ඔහු කීවේය.
ඉදිරියේදී සාක් කලාප සම්බන්ධතා මාර්ගය මියන්මාරය සහ තායිලන්තය දක්වා ද දීර්ඝ කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා. එමෙන්ම එම මාර්ගය ඔස්සේ නිදහස් වාහන ගමනාගමනය සඳහා අනෙකුත් රටවල් සමඟ දැනටමත් ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව ද එක්වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.









0 comments:
Post a Comment