Photobucket

Tuesday, September 22, 2015

ලෝක කුසලාන රග්බි තරගාවලිය

2015 ලෝක කුසලාන රග්බි තරගාවලිය යටතේ පැවැති ගියවර ශූර නවසීලන්තය සහ ආර්ජන්ටිනාව අතර තරගයෙන් ලකුණු 26-16ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.තරගාවලියට පෙර ආර්ජන්ටිනාව ප්‍රකාශ කර තිබුණේ නවසීලන්ත ඕල් බ්ලැක්ස් පිල තමන්ට අභියෝගයක් නොවන බවයි.

කෙසේ වුවද ප්‍රථම භාගයේදී නවසීලන්ත ඕල් බ්ලැක්ස් අභිබවා ගිය අර්ජන්ටිනාව ලකුණු 13-12ක් ලෙස පෙරමුණේ පසුවිය.එහෙත් දෙවැනි භාගයේදී තියුණු ලෙස සටනට අවතීර්ණ වූ ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයෝ අවසානයේ ජය වාර්තා කළහ.ඕල් බ්ලැක්ස් වෙනුවෙන් ඩැනියෙල් කාටර් පළමු භාගයේදී දඬුවම් පහර 4ක් මගින් ලකුණු ලබා ගත්තේය.ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු භාගයේදී ගයිඩෝ පෙටී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, නිකොලස් සන්වෙස් එහි ප්‍රවර්ථනය සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.දෙවැනි භාගයේදී නවසීලන්තය වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරීමට අරොන් ස්මිත් සහ සෑම් කේන් සමත් වූහ.

එහි ප්‍රවර්ථන සාර්ථකව නිම කිරීමට ඩැනියෙල් කාටර් සමත් වූ අතර, නිකොලස් සන්වෙන් ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි භාගයේදී දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.මෙම තරගය නැරඹීමට 89,019ක් පැමිණ සිටි අතර, එය රග්බි ලෝක කුසලාන නව වාර්තාවක් ලෙස සැලකේ. මීට පෙර 2003 අවසන් තරගය නැරඹීමට සිඩ්නි පිටියට 82,957ක් පැමිණ තිබුණි.

මේ අතර සමෝවා සහ ඇමෙරිකාව අතර පැවැති තරගයෙන් ලකුණු 25-16ක ජයක් වාර්තා කිරීමට සමෝවා සමත් විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all