Photobucket

Tuesday, September 22, 2015

අක්කගේ අනියම් සැමියා බාල වයස් නැගණිය දුෂණය කරයි

දඹුල්ල, පැල්වැහැර ප්‍රදේශයේ 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මාස දෙකක පමණ කාලයක් අඹුකමට තබා ගත 19 හැවිරිදි තරුණයෙකු දඹුල්ල පොලිසිය මගින් 21 වෙනි දින අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් තරුණයා දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

බාල වයස්කාර දැරියගේ විවාහක අක්කගේ ජංගම දුරකතනයට අහම්බෙන් පැමිණි දුරකථන ඇමතුමක් අනුව ඇය සමග ඇතිකර ගත් ප්‍රේම සබදතාවයක් මත මාස හතකට පෙර සැකකරු දඹුල්ල ඇගේ නිවසට පැමිණ ඇය සමග අනියම් ඇසුරක් පවත්වා ඇත. ඒ අතරතුර ඔහු ප්‍රදේශයේ විදුලි කාර්මිකයෙකු ලෙස ද රැකියාව කරමින් සිට ඇත. දැරියගේ මවද නිවසේ ජිවත්වන අතර ඇගේ සැමියා ඇය අතහැර ගොසිනි. අක්කා නිවසේ නොමැති දිනවල පාසැල් නොයන නංගි සමගද ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම ඇසුරට මාස දෙකක පමණ කාලයක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා දඹුල්ල රෝහලට ඇතුලත කර තිබෙන අතර එහිදී ඇය සති කීපයකට පෙර දුෂණයට ලක්ව ඇති බව අනාවරණයවී ඇත. සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all