Photobucket

Tuesday, September 22, 2015

ශ්‍රී ලංකාවේ රට බීමහල් 30%කින් අඩු කළ යුතුයි

ශ්‍රී ලංකාවේ රට බීමහල් සියයට 30 කින් අඩු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.


විශේෂ කමිටුවක්‌ හරහා අදාළ අඩු කිරීම සිදුකළ යුතු බවට යෝජනා කරන බව ද ඇමැතිවරයා (21 වැනිදා) ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දින ගුණසැමරුම් උත්සවයක්‌ අමතමින් සඳහන් කළේය.

අපි මත්ද්‍රව්‍ය වසංගතයකට අහුවෙලා. ධර්මපාලතුමා කොහේ හරි ඉන්නවා හෝ එතුමා අපි දිහා බලනවා නම් මෙම තත්ත්වය ගැන එතුමා ලැ-ජා වෙනවා. අපිට තිබෙන්නේ සුද්දගෙ අධ්‍යාපන ක්‍රමය. මේක ආවේ එංගලන්තයෙන්. අද ආසියාවේ මැලේසියාව, සිංගපුරුව වැනි රටවල් තමාගේම රටට ආවේනික අධ්‍යාපන ක්‍රමයක්‌ හදාගෙන තිබෙනවා. ඒ වගේ රටවල් චරිත, මිනිස්‌සු හදන අධ්‍යාපන ක්‍රමයක්‌ තිබෙනවා. ඒ නිසා අපිත් අපේ දරුවන් හදනවාද නැද්ද කියන ප්‍රශ්නය ඇසිය යුතුයි. අපේ දරුවන්ට කොන්දක්‌, හඬක්‌, ජවයක්‌ ශක්‌තියක්‌ ලබාදිය යුතුයි. නැත්නම් තනතුරු පිටුපස යන හුදකලා වෙච්ච ජාතියක්‌ බවට පත් වෙනවා. ඒ නිසා අවුරුදු 67 ක්‌ පවත්වාගෙන ආ මේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය වෙනස්‌ කළ යුතුයි. ධර්මපාලතුමා වෙනුවෙන් අපි මේ වෙනස කළ යුතුයි. අපිට ආවේනික චරිත හදන අධ්‍යාපන ක්‍රමයක්‌ අවශ්‍යයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all