Photobucket

Tuesday, September 22, 2015

හයිබ්‍රිඩ් අධිකරණ නිසා මෙරට ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට තර්ජනයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් වන හයිබ්‍රිඩ් අධිකරණය මෙහෙය වන්නේ විදේශ විනිසුරුවන් බවත් ඒ තුළින් මෙරට ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේ ය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවූයේ යැයි කියන යම් යම් සිද්ධීන් පරීක්ෂා කොට නඩු පැවැරීම සඳහා කර ඇති නිර්දේශ මෙරට අධිකරණ පද්ධතියට කර ඇති බරපතල අපහාසයක් බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේ ය. කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී (22) පැවැති මාධ්‍ය හමුවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනා කරුණු සහිතව ප්‍රතික්ෂේප කිරීමට මතෛක් රජයයන් ක්‍රියා කළ බව සඳහන් කළ දිනේෂ් ගුණවර්ධන මහතා එම ප්‍රතිපත්තියෙන් වෙනස් නොවී මෙම යෝජනා ද ප්‍රතික්ෂේප කරන ලෙස මහජන එක්සත් පෙරමුණ ඉල්ලා සිටියි. එසේ නොවුණහොත් වීරෝධාර රණවිරුවන්,රජයේ නිළධාරීන් මෙන්ම දේශපාලන නායකත්වයන් ද අනතුරට ලක් වන බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all