Photobucket

Wednesday, September 23, 2015

මහ මණ්‌ඩල සැසිය ඇමතීමට ජනපති අද ඇමරිකාවට


එක්‌සත් ජාතීන්ගේ මහ මණ්‌ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23 වැනිදා) ඇමෙරිකාවේ නිව්යෝර්ක්‌ නුවර බලා පිටත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 30 වැනිදා පෙරවරු 9.45 ට එක්‌සත් ජාතීන්ගේ මහ මණ්‌ඩල රැස්‌වීම අමතා කතා කිරීමට නියමිතය.

ඊට අමතරව ජනාධිපතිවරයා ඇමෙරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා සමඟත් ඔස්‌ටේ්‍රලියානු අගමැති මැල්කම් ටරික්‌බුල් මහතා සමඟත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්‍ෂා කෙරේ.

ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ, ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් 5 දෙනකු පමණ මෙම සංචාරය සඳහා එක්‌වීමට නියමිතය.

ඊට අමතරව නැගෙනහිර හා උතුර ආණ්‌ඩුකාරවරු ද මෙම සංචාරයට එක්‌වෙති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all