Photobucket

Wednesday, September 23, 2015

දෙහිවල කිඹුලා දැන් වැල්ලවත්තේ


දෙහිවල හා ගල්කිස්‌ස මුහුදේ දැවැන්ත කිඹුලෙක්‌ සැරිසරන බැවින් එහි දිය නෑමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 


අඩි 17 ක්‌ පමණ දිගැති මෙම දැවැන්ත කිඹුලා මේ දිනවල හිටි හැටියේ දෙහිවල හා ගල්කිස්‌ස මුහුදේ සැරිසරන අන්දම දැක බලා ගැනීමට බොහෝ පිරිසක්‌ ඇදී එති.

දෙහිවල හා ගල්කිස්‌ස වෙරළේ සැරිසරන බොහෝ සුනඛයන් ද මෙම දැවැන්ත කිඹුලා රාත්‍රි කාලයේදී රැගෙන ගොස්‌ කා ඇතැයිද එම ප්‍රදේශවාසීහු කීහ.

විශේෂයෙන් පාසල් සිසුන් විනෝදවීමට හා නෑමට දෙහිවල හා ගල්කිස්‌ස මුහුදු තීරය උපයෝගී කරගන්නා බැවින් පරිස්‌සම් වන්නැයි ද පොලිසිය පාසල් සිසුන්ගෙන් ද ඉල්ලීමක්‌ කරයි. 

මේ වන විට මෙම කිඹුලා වැල්ලවත්ත මුහුදු ප්‍රදේශයේ ද සැරි සරන බැවින් ඒ අවටද දිය නෑමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all