Photobucket

Wednesday, September 23, 2015

කොටදෙණියාවෙන් අතුරුදන් දෙදෙනා සොයා සීඅයිඩී මෙහෙයුම්


කොටදෙණියාව බඩල්ගම සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම දැරියගේ නිවස ආසන්නයේ නවාතැන් ගෙන සිටි ළමා අපචාර කීපයකට සම්බන්ධ සැකකරු සහ ඔහුගේ සොහොයුරකු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශය පුරා පුළුල් මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනාම මේ වන විට අතුරුදන්ව ඇති බවත් ඔවුන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසයි. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ  ස්‌ථාන කීපයක්‌ සහ වෙනත් ප්‍රදේශවල සැකකටයුතු ස්‌ථාන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා පරීක්‍ෂා කළ ද සැකකරුවන් එම ස්‌ථානවල සිට නැත.

ගම්පහ ප්‍රදේශයේදී මීට ටික කලකට පෙර දැරියන් දෙදෙනකු පැහැරගෙන අතවර කර බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට මෙම එක්‌ සැකකරුවකු සම්බන්ධ වී සිටි බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

එම සැකකරු දැරියන් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කලක්‌ බන්ධනාගාරගතව සිට ඉන් ඇප මත පැමිණ සිටි අයකු බව ද පොලිසිය පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all