Photobucket

Wednesday, September 23, 2015

යුවරාජ්ට නව පෙම්වතියක්

වසර ගණනාවක සිටම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සිහින කුමාරයා ලෙස හැඳින්වෙන්නේ යුවරාජ් සිංය. ඊට ඔහුගේ කඩවසම් බවත් ක්‍රීඩාමය හැකියාවත් බලපා තිබේ. මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන යුවරාජ් ක්‍රිකට් ක්‍රීඩාවේදී තුන් ඉරියව්වටම දස්කම් දක්වයි. ඒ වමත් පිතිහරඹය, වමතින් දඟ පන්දු යැවීම සහ පන්දු රැකීමටයි.

පසුගිය කාලයේ දී මේ සුපිරි ක්‍රීඩකයාගේ ක්‍රිකට් දස්කම්වලට වඩා මාධ්‍ය මඟින් වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ඔහුගේ පෞද්ගලික දිවියටයි. එයිනුත් ඔහුගේ පෙම් සබඳතාවන්ටයි. බොලිවුඩයේ සුරූපි නිළියන් සහ මෝස්තර නිරූපිකාවන් රැසක්ම යුවරාජ්ගේ පෙම්වතියන් ලෙසට සිටියහ.

ඒ අතරට කිම් ෂර්මා, ප්‍රීති සින්ටා, දීපිකා පදුකෝන්, ශිල්පා ෂෙට්ටි, ජෙනිෆර් කොට්වාල්, සෝනම් කපූර්, අම්රිටා අරෝරා, අමීෂා පටෙල් අයත් වෙති.

ඉකුත් කාලයේ දී යුවරාජ්ගේ පෙම්වතිය වූයේ නේහා දූපියාය. ඇය මුලින්ම රූප සුන්දරියකි. පසුව මෝස්තර නිරූපිකාවක් සහ නිළියක් ලෙසටත් ජනප්‍රිය වූවාය. මෙම සබඳතාවයත් මේ වන විට නිමාවට පත් වී තිබේ. ඒ යුවරාජ්ට නව පෙම්වතියක් සිටින බැවිනි. ඇය නමින් හේෂල් කීච්ය.

හේෂල් එංගලන්තයේ උපත ලැබූ මෝස්තර නිරූපිකාවක් සහ නිළියකි. ඇය බිලා (2007) දමිළ සහ බොඩිගාර්ඩ් (2011) හින්දි චිත්‍රපටිවල රඟපා තිබේ. ඇය කලක් රෝස් ඩෝන් යන නම භාවිතා කළාය. ඇගේ පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. මව මුරුසි කතකි. හේෂල් වයස අවුරුදු 18 දී ඉන්දියාවට පැමිණියේ නිවාඩුවක් ගත කිරීමටයි. පසුව ඇය පදිංචිය සඳහා එරටම තෝරා ගත්තාය. යුවරාජ්ගෙන් නව පෙම්වතිය පිළිබඳ විමසූ විට ඔහු පවසා තිබෙන්නේ ඇය මිතුරියක බවය. කෙසේ වෙතත් යුවරාජ් සහ හේෂල් පසුගියදා ලන්ඩන් නුවර විවේකයෙන් ගත කළ බව වාර්තා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all