Photobucket

Wednesday, September 23, 2015

කඩුවෙල කලබලේ අස්සේ දෙන්නෙක් පනිති

කඩුවෙල උසාවියේ වෙඩි තැබීමේ සිද්ධියත් සමග මිනීමැරුම් නඩුවක සැකකරුවන් දෙදෙනකු පැන ගිය බව පොලිසිය පවසයි.

දැඩිගමුව යශෝධරා මාවතේ මාබුලගේ දිනිත් මිලාන් හා දැඩිගමුව සමගි මාවතේ චමින්ද බුද්ධික ඒ දෙදෙනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඔවුන් මාංචු පිටින් පැන්නේද නැද්ද යන්න සොයාගෙන නැතැයිද ඔවුන් සෙවීම සඳහා පොලිස් හා බන්ධනාගාර කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් ඇරඹූ බවද පොලිසිය පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all