Photobucket

Tuesday, September 22, 2015

සේයාගේ නිවස අසල නවාතැන් ගෙන සිටි ළමා අපචාර සැකකරුවකු ගැන පොලිස්‌ ඇස


කොටදෙණියාව බඩල්ගමදී සේයා දැරිය අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය මෙම දැරියගේ නිවස ආසන්නයේ නවාතැන්ගෙන සිටි ළමා අපචාර කීපයකට සම්බන්ධ සැකකරුවකු සොයා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පසුගිය කාලසීමාවේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත්තේ ඔහුගේ සොහොයුරියට අයත් කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසකය. එම නිවස සේයා පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටා තිබෙන බවද පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

සැකකරු ගම්පහ ප්‍රදේශයේදී දැරියන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ විවිධ අතවරයන්ට ලක්‌ කර ඔවුන් වෙල්යායක අතහැර දමා ගිය සිද්ධියක්‌ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි බව හෙළි වී තිබේ.

ගම්පහ ප්‍රදේශයේ මොහුට ජීවත් වීමට නොහැකි නිසා සිය නැගණියගේ නිවසේ තාවකාලිකව නවාතැන්ගෙන සිටි බවද අනාවරණය වී ඇත.

මෙම සැකකරු පිළිබඳව ලැබුණු තොරතුරක්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ මොහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර සැකකරුගේ සොහොයුරියගෙන් ද ප්‍රශ්න කර තිබේ.

සේයා දැරිය ඝාතනය කළ ස්‌වභාවය අනුව කළ පරීක්‍ෂාවකදී මෙම සැකකරු පිළිබඳව පොලිසියට සැක මතුවී තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all