Photobucket

Tuesday, September 22, 2015

පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයට කාලය 70% ක්‌


පාර්ලිමේන්තු රැස්‌වීම්වලදී ආණ්‌ඩු පක්‍ෂය සඳහා කාලවේලාව සීයයට හැත්තෑවක්‌ වෙන් කෙරෙන බව  (21 වැනිදා) රාත්‍රි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් හමුවේදී ප්‍රකාශ වී ඇත. 


ආණ්‌ඩු පක්‍ෂයට වෙන් කරන කාලවේලාවෙන් සීයට හතළිහක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ද, සීයට තිහක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනුවෙන් ද වෙන් කෙරෙන බව ද මෙහිදී ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් සඳහා ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වෙන් කළ කාලයෙන් වේලාවක්‌ වෙන් කිරීමට ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

මේ අනුව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු විපක්‍ෂයේ පිරිසට කාලවේලාව සීයට තිහක්‌ වෙන් කෙරෙන බව ප්‍රකාශ වී ඇත.

මීට අමතරව  (23 වැනිදා) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මුදල් පනත් කිහිපයක්‌ ඇතුළු කරුණු කිහිපයක්‌ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all