Photobucket

Tuesday, September 22, 2015

භූතාන හිමිගේ ගමන් මල්ල ත්‍රී රෝද රියදුරු උස්සලා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භූතාන හිමි නමකගේ ගමන් බෑගයේ තිබු රුපියල් 40000 ක මුදලක් ද විශ්ව විද්‍යාල හැඳුනුම්පත හා අධ්‍යාපනික ලිපි ලේඛන හොරා ගත් සැකකරු සඳුදා(21) අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.

එම හිමියෝ පසුගිය 20වැනි දින සවස 6 ට පමණ පේරාදෙණිය ඕවල ප්‍රදේශයේ  කුලී නිවස වෙත ත්‍රී රෝද රථයකින් ගමන් කර ඇති අතර තම ගමන් බෑගය ත්‍රී රෝද රියේ තබා බැසගොස් නිවසේ විදුලි ගැටළුවක් සම්බන්ධයෙන්  ත්‍රී රෝද රියදුරු කැඳවා එය නිරාකරණය කරගෙන ඇත. රියදුරු පිටත්ව ගියද තම බෑගය ආපසු ලබාදී නැතැයි ඒ හිමියෝ කියති.

ගමන් බැගය හා රුපියල් 40000 ක මුදලක්ද අධ්‍යාපනික කටයුතු වලට අදාල ලිපි ලේඛනද විශ්ව විද්‍යාල හැදුනුම්පතද නැති බවත් ‍එදින හවස නිවස බලා ගිය ත්‍රිවිල් රථයේ රියදුරු සැක බවත් ඒ හිමියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි ලිපි ලේඛන හා විශ්ව විද්‍යාල හැඳුනුම්පත පේරාදෙණිය පාලම අසලදී ගඟට දැමු බව පැවසූ බව පොලිසිය කියයි. බෑගයේ තිබූ රුපියල් 37000 ක මුදලක් නිවසේ තිබියදී සොයා ගත් බවත් පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු  (22) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all