Photobucket

Wednesday, September 23, 2015

තව වසර 25ක් යන විට අපේ රටේ එක අලියෙක්වත් නැහැ

දැනට මෙරට ඉතා දරුණුව පවතින අලි - මිනිස් ගැටුම නිසා ඉදිරි වසර 25 - 30 ඇතුළතදි අපේ රටින් අපේ අලි පරපුර සදහටම නැතිවී යාමේ දැඩි අවදානමක් ඇතැයි පාරිසරික සංවිධාන හා වනජීවී විද්වත්තු පවසති.


2012 - 2013 - 2014 යන වසරවලදී හා 2015 වසරේ මුල් මාස 8 ඇතුළත අලි - මිනිස් ගැටුම නිසා අලි 775 ක් හා මිනිස් ජීවිත 215 ක් අපට නැතිවී ඇතැයි ඉහත ආයතනවල සංඛ්‍යාලේඛන අනුව පෙන්වා දෙයි.

ඊට අමතරව 1990 - 2000 වසර 10 ඇතුළත වන අලි 1300 ක් හා මිනිස් ජීවිත 350 ක් අපට අහිමි වී ඇතැයි හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර නන්දන අතපත්තු මහතා පවසයි.

වනජීවී විද්වතුන් හා පරිසර සංවිධාන පෙන්වා දෙන පරිදි අපේ රටේ දැනට සිටින්නේ අලි ඇතුන් 3500 කට අඩු ගණනකි. පසුගිය සංඛ්‍යා ලේඛන අනුව වසරකට අලි ඇතුන් 220 ක් අපට අහිමි වී යයි. වසරකට අලි පැටවුන් 100 ක් උපත ලැබුවත් ඉදිරි වසර 25 - 30 ඇතුළත අපේ රටින් අලි සම්පත සදහටම නැතිවී යන තත්ත්වයක් ඇතිවී ඇතැයි මෙරට වනජීවී හා පරිසර අංශ අවධාරණය කරයි.

රටේ යෝජනා වී ඇති අලිමංකඩ ගැසට් කර අලින්ට සංක්‍රමණයට වෙන් කිරීමෙන් හා හණ, ගජමදාරා, බෝගන්විලා, තල් වැනි ශාකවලින් යුත් වැට මායිම් ඉදිකිරීමෙන් අලි මිනිස් ගැටුම අවම කර ගත හැකි බව වනජීවී සංරක්ෂණය පිළිබඳ විද්වත්හු පෙන්වා දෙති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all