Photobucket

Wednesday, September 23, 2015

හාල් ටොන් ලක්ෂ 10ක් ගෙන්වීම වී අර්බුදයට තවත් ප්‍රබල හේතුවක්

පසුගිය ජනවාරි මාසයට පෙර පසුගිය රජය විසින් ඇණවුම් කළ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් මේ රටට ගෙන්වීම මෙරට වී මිලදී ගැනීමේ අර්බුදයට තවත් හේතුවක් වී ඇතැයි අනාවරණය වෙයි. එම හාල් තොග ස.තො.ස. ඇතුළු ආයතන මඟින් තවමත් අඩුමිලට විකුණන නිසා පෞද්ගලික සහල් මෝල් හිමියන්ට පෞද්ගලික ලෙස වී මිලදී ගැනීමට අපහසු වී ඇතැයි සහල් මෝල් හිමියන්ගේ සංවිධානය පවසයි.


මේ අනුව 2014 ව‍ස‍ෙර්දි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8.5 ක්ද 2015 වසරේ මුල් භාගයේදී මෙට්‍රික් ටොන් 1.5 ක් මෙරටට ගෙන්වා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති අශෝක පතිරණ මහතා සිළුමිණට කීය.

මේ අතර ගොවි සංවිධාන හා සහල් කර්මාන්ත කරුවන්ගේ එකමුතුවේ කැඳවුම්කරු අරුණ ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ මේ තත්ත්වය මත වී සහතික මිල රුපියල් 40 කිරීමටත් පාන් පිටි මිල රුපියල් 30 කින් වැඩි කිරීමටත් කටයුතු කරන ලෙස තම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all