ඉදිරි
පළාත්සභා මැතිවරණය සඳහා තමා අනිවාර්යෙන්ම ඉදිරිපත්වන බවත්, මැතිවරණයක්
ලංවෙත්ම තමා මහඇමැති අපේක්ෂකයා යැයි කියාගනිමින් සිත සනසා ගන්නා ඇතැම්
පිරිසක් සිටින බවත්, එම අය දැන් සිටම වැඩ පටන් අරගෙන තිබෙන බවත් වයඹ
ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුල විජේසිංහ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ
ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා මෙසේද කීය, “ඉදිරි වයඹ
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනතාව අතර යම් යම් කටකතා පැතිර යමින්
පවතිනවා. සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂයෙන් පැනල එන අය ඉල්ලනවා කියල.
තවත් සමහරු කියනවා පළාත් සභවේ ඉදල ගිය අය එනව කියල. ඒ කෙසේ වුවත් මොන
පැරෂුට් කාරයෙක් ආවත් තරඟ බිමට පැමිණ වැඩිම මනාප අරගෙන පෙන්වන ලෙසට තමා
අභියෝග කරන බවද අතුල විජේසිංහ මහතා පැවසීය.
0 comments:
Post a Comment