Photobucket

Monday, March 4, 2013

යුද්ධයෙන් පසු තත්ත්වය හොඳබව බැංකි මූන් පිළිගනී

යුද්ධයෙන් අනතුරුව ශ්‍රීලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් තමන් පිළිගන්නා බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා පවසයි.  නිව්යෝක් නුවරදී  (04) පැවති ජගත් සංවිධාන දෛනික මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා ඇත. 

කෙසේවෙතත් ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ  අභියෝගය ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින බවද  එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත.  මෙහිදී ශ්‍රී ලංකා රජය අන්තර් ජාතික ප්‍රජාව සමග ඵලදායී ලෙස කටයුතු කිරීම  වැදගත් බවද   එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා ප්‍රකාශ කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all