අධ්‍යාපන
වීසා මගින් මෙරටට පැමිණ කොල්ලූපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කළමනාකරණ
පාඨමාලාවක් හදාරණ අතරතුර හෙරොයින් බෙදාහැරීමේ ජාත්‍යන්තර ජාවාරමක නිරතවූ
මාලදිවයින් ජාතික තරුණයෙකුව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් 04 දා සමත්ව ඇත. සැකකාර මාලදිවයින් ජාතිකයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 60 ක්ද සොයාගෙන තිබේ.
මෙම
මාලදිවයින් ජාතිකයා වසර තුනකට ආසන්න කාලයක් තිසිසේ මෙරට රැඳී සිටින බවත්
මේ වන විට ඔහු අධ්‍යන කටයුතු හමාරකර සිටින්නෙක් බවටත් තොරතුරු පොලිසියට
ලැබී ඇත.
සංචාරක
වීසා මගින් මෙම සැකකරු මෙරට සිට මාස දෙක තුනකට වරක් ඉන්දියාවට ගොස්
හොරොයින් තොග වශයෙන් උපත්පාලන කොපු තුල සගවා ඒවා ගිල කුස තුල සහවා ගෙන
මෙරටට පැමිණෙන බවත් එම හෙරොයින් වලින් කොටසක් මෙරට බෙදා හැර ඉතිරිය නැවතත්
උපත්පාලන කොපුතුළ සගවා කුසතුල සඟවා මාලදිවයින වෙත් රැගෙන යන බවත් පොලිස්
විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
0 comments:
Post a Comment