Photobucket

Monday, March 4, 2013

සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

කොළඹ ආනන්ද - කොළඹ නාලන්ද 84 වැනි සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. පසුගිය සෙනසුරාදා හා ඉරිදා (2 හා 3) කොළඹ එස්.එස්.සී. පිටියේදී නිමාව දුටු මහා ක්‍රිකට් තරගය   (2) ආරම්භවූ අතර, කාසියේ වාසිය දිනාගත් ආනන්ද පි‍ලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා පිල පන්දුවාර 81.5කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 298ක් රැස් කිරීමට සමත්විය. ආනන්ද පිල ඊට පිළිතුරු ලෙස තරගය නතර කරන විට පන්දුවාර 71.3 කදී කඩුලු 5ක් දැවී ලකුණු 301ක් රැස් කිරීමට සමත්විය. නාලන්ද පිල තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 298 මෙම තරග ඉතිහාසයේදී නාලන්දා පිලක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය. 1954 වසරේදී නාලන්ද පිල මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කර තිබිණි. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දකුණත් මැද පෙළ පිතිකරු ප්‍රමුද් හෙට්ටිවත්ත නාලන්දා ඉනිම ගොඩනැංවීමට සුවිශේෂී දායකත්වයක් දක්වමින් පන්දු 87කදී හතරේ පහර 12ක් සමගින් නොදැවී ලකුණු 102ක් රැස් කිරීමට සමත්වූයේ මෙම තරග ඉතිහාසයේ නාලන්දය වෙනුවෙන් ශතකයක් රැස් කළ 13 වැනි ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

නාලන්දාවේ පළමු වැනි ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 167ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ප්‍රමුද් හෙට්ටිවත්ත හා අවිෂ්ක ද සිල්වා සමත්වූ අතර, එම සම්බන්ධතාවයද වාර්තාගත සම්බන්ධතාවයක් විය. වර්ෂ 1950දී කාල්ස් ඔබේසේකර හා ඈෂ්ලි ද සිල්වා විසින් ලකුණු 160ක සම්බන්ධතාවයක් පවත්වා තිබිණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද පිල පන්දුවාර 71.3 කදී රැස් කළ ලකුණු 301 වෙනුවෙන් දකුණත් අංක තුන පිතිකරු උප නායක ධනුක පතිරණ පන්දු 159කදී හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 109ක් රැස් කළ අතර, එම ශතකය රැස් කිරීමත් සමගින් මෙම තරග ඉතිහාසයේ ආනන්දය වෙනුවෙන් ශතකයක් ලැබූ 11 වැනි ක්‍රීඩකයා විය.

ආනන්ද පිල කඩුලු 5ක් දැවී ලකුණු 297ක් රැස්කර සිටියදී පස්වරු 4.18ට පමණ ක්‍රීඩාංගණයට නරඹන්නන් පැමිණීම නිසා තරගය තාවකාලිකව නතර කිරීමට සිදුවූ අතර, නැවත වතාවක් පස්වරු 4.50ට තරගය ආරම්භ කරනු ලැබිය. එලෙස ආරම්භ කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පන්දු 3ක් පමණි. ආනන්ද පිල නාලන්ද ලකුණු සංඛ්‍යාව පසුකිරීමත් සමගින් නරඹන්නන් නැවතත් ක්‍රීඩාංගණයට කඩාවැදීම  නිසා තරගය තවදුරටත් පැවැත්වීමට නොහැකි විය.

ලකුණු තත්ත්වය
නාලන්ද: පළමු ඉනිම - 298/5 (පන්දුවාර 81.5)
ප්‍රමුද් හෙට්ටිවත්ත 102 නොදැවී, අවිෂ්ක ද සිල්වා 77 නොදැවී, මාලිංග අමරසිංහ 60, වොෂාන්ත සිල්වා 37, ළහිරු විජේරත්න 10, සම්මු අශාන් 3/73
ආනන්ද: පළමු ඉනිම - 301/5 (පන්දුවාර 71.3) ධනුක පතිරණ 109, දසුන් විජේසිංහ 67, තුෂාර සමරකෝන් 47, කුෂිල් පෙරේරා 22 නොදැවී, මාලිංග අමරසිංහ 2/47, කුසල් ඩයස් 2/70
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all