පානදුර උයන්කැලේ වැඩ සිටින භික්ෂුවකගේ භාරයෙන් සොරකම් කරන ලදැයි කියන
ගවයකුගේ වයස ස්ථිර වශයෙන්ම සොයා ගැනීමට එම සතාට උප්පැන්න සහතිකයක් නොවීය.
මෙය අධිකරණයට ප්‍රශ්නයක් විය.
භික්ෂුවට අයත් එක් ගවයකුගේ වයස අවුරුදු 2ක් බවට සැක කළ හැකි බවත්, සැකකාර
කාන්තාව ගව ඝාතකාගාරයකින් මිලදී ගත්තේ යැයි කියන ගවයාගේ වයස අවුරුදු 10
1/2ක් පමණ බවත් සැක කළ හැකි යැයි සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී
සිටි නීතිඥවරු පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා හමුවේ
පැවැසීය.
මෙම ගවයන්ට උප්පැන්න සහතික නැති බව මහේස්ත්රාත්වරයාට පෙනී ගියේය.
ගවයන් දෙදෙනා පානදුර පශු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වයස ගැන අනුමාන
සහතිකයක් ලබාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන
මහේස්ත්‍රාත්වරයා පානදුර පොලිසියේ අපරාධ අංශයේ සැරයන් එදිරිසිංහ මහතාට
නියෝග කෙළේය.
පළමුවැනි විත්තිකරුට රුපියල් දහදාහක මුදල් හා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක්
නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනෙක් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය
රක්ෂිත බන්ධනාගාරගත කෙළේය.
ගවයන්ගේ අයිතිකරු පානදුර නගරයේ දිවා රාත්‍රී නිදැල්ලේ යන එන ගවයන් බේරාගෙන
ඇති කරන පානදුර විහාරස්ථානයක වැඩවසමින් පානදුර නගරයේ ගවමස් වෙළෙඳ සල වසා
දැමීමට පානදුර නගර සභාවට පසුගියදා බලකර සිටි භික්ෂුවක් බව අනාවරණය විය.
එම භික්ෂුන් වහන්සේට අයිති යැයි කියන ගවයින් දෙදෙනකු සොරකම් කිරීම ගැන පානදුර
පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක් සහ පුද්ගලයන්
දෙදෙනෙක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකකාරියගේ
නීතිඥවරුන් අධිකරණයට කියා සිටි කොළඹ ප්‍රදේශයේ ගව ඝාතකාගාරයකින් මෙම
ගවයන් මිලදී ගත් බවය. එම ගවයින් භික්ෂුවගෙන් ෙසාරකම් නොකළ බවය. මෙම ගවයන්
පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුරේ එළුවිල හොර හරක් මරණ ස්ථානයකට නොදුරුව
ගස් බැඳ සිටියදී යැයි පොලිසිය පැවැසීය.
0 comments:
Post a Comment