Photobucket

Sunday, March 10, 2013

ඔබාමා මැදපෙරදිග සංචාරයකට සැරසේ

මේ මස අග භාගයේ දි ජනාධිපති ඔබාමා මැද පෙරදිග සංචාරයක නියැළීමට නියමිතය. දෙවන වරට ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ඔබාමා ගේ ප්‍රථම නිල විදෙස් සංචාරය මෙය වනු ඇත. මෙම සංචාරයේ න්‍යාය පත්‍රයේ මැදපෙරදිග සාම ව්‍යායාමය කෙරේ විශේෂ අවධානයක් යොමු නොවනු ඇතැයි ඔබාමා කියයි.

මෙම සංචාරයට සූදානම් වීමක් වශයෙන් ජනාධිපති ඔබාමා ධවල මන්දිරයේ දි අමෙරිකා යුදෙව් නායකයන් මුණ ගැසුණේය. මෙම චාරිකාවේ දි ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අඩාල වු සාම වෑයම යළි කරලියට ගෙන ඒමට උත්සාහයක් දරනු ඇති බවට ආරංචි පැතිර ගොස් තිබිණි.

ජනාධිපති ඔබාමාගේ මුල් ධුර කාල සිමාව තුළ දැරූ මෙවැනි උත්සහායක් ව්‍යර්ථ විය. කෙසේවෙතත් මේ සඳහා සුදුසු රාමුවක් සලසා දීමට තමන් කටයුතු කරන බවට මෙම රැස්විමෙදි ඔහු පවසා ඇත. 

ඔබාමාගේ මුල් ධුර කාල සිමාවේදී යම් තරමකට පළුදු වී ඇති ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සබඳතා ශක්තිමත් කරගැනිමටත්, ඉරානය සහ සිරියාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති අර්බුද විසඳා ගැනීමටත් මෙම සංචාරය අතරවාරයේදී ජනාධිපති ඔබාමා කටයුතු කරනු ඇතැයි ද අමෙරිකා බලධාරීහු පවසති.

මෙම සංචාරය අතරවාරයේ ඔබාමා ගාසා හි බටහිර තිරයේදී පලස්තින ජනාධිපති අබ්බාස් ඇතුළු නායකයන් ද හමුවිමටත් ජොර්දායට යාමටත් නියමිතය.
.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all