Photobucket

Sunday, March 10, 2013

ජීවන් ක්‍රීඩා භාණ්ඩ බෙදයි

විනය ගරුක තරුණ නායකයන් බිහිකිරීමට නම් ඔවුන් ක්‍රීඩාව සඳහා වඩාත් සමීප කළ යුතු යැයි තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා පවසයි.

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද චින්තනය අනුව තරුණයා සවිබල ගැන්වීමට ප්‍රමුඛතාවක් ලබාදී තිබෙනවා. ක්‍රීඩාව තුළින් තරුණයා ඉදිරියට ගැනීම එහි වැදගත් පියවරක්” කුමාරතුංග මහතා පැවැසීය.

රත්මලාන ප්‍ර‍දේශයේ ක්‍රීඩා සමාජ කිහිපයකට ලක්ෂ 3ක පමණ ක්‍රීඩා උපකරණ ලබාදෙමින් ඇමැතිවරයා පසුගියදා ඒ බව පැවැසීය. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා උත්දවයක් පැවැත්වීමටද ඇමැති ජීවන් කුමාරතුංග මහතා කටයුතු යොදමින් සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all