Photobucket

Sunday, March 10, 2013

යාල වනෝද්‍යානයේ යළිත් කඳවුරු බිම්!

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයකින් යාල වනෝද්‍යානයෙන් වහාම ඉවත් කරන ලද පෞද්ගලික අංශයේ කඳවුරු බිම් නැවත එහි පිහිටුවීමේ උත්සාහයක්‌ පවතින බව වාර්තා වේ.

පරිසරවේදීන්ගේ දැඩි විරෝධතාව ද නොතකා කඳවුරු බිම්කරුවන්ගේ ඉල්ලීම මත නැවත ඒවා පිහිටුවීමට රජයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු උත්සාහ දරන බව ද ආරංචි මාර්ග කියා සිටී.

ඒ පිළිබඳ වනජීවී අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා ද තම විරෝධතාව පළ කර ඇති බව දැනගන්නට ලැබී තිබේ.

ඉහත සඳහන් කළ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනා තවත් ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ නියෝගයක්‌ ලබාගනිමින් කඳවුරු බිම් නැවත පිහිටුවීමට උත්සාහ දරමින් සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all