Photobucket

Sunday, March 10, 2013

අවිධිමත් ගුවන් තැපැල් කෝටි 25ක්‌ ගිලලා

ගුවන් සමාගම් සමඟ විධිමත් ගිවිසුම්වලින් තොරව ගුවන් තැපැල් කටයුතු පවත්වාගෙන යැමෙන් පසුගිය වසර පහක කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි විසිපහකට අධික පාඩුවක්‌ සිදුව ඇත.

මෙම පාඩුව සිදුවී තිබෙන්නේ ගුවන් තැපෑල හරහා ලිපි සහ පාර්සල් ප්‍රවාහනය කිරීමේදී විශ්ව තැපැල් සංගමය විසින් ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් සහ නගර සම්බන්ධ කරමින් හඳුන්වා දී ඇති මිල සූත්‍රය මත ගුවන් සමාගම විසින් සතයක්‌ හෝ අඩු නොකර ලබාගත හැකි උපරිම ඉහළම මිල තැපැල් දෙපාර්තමේන්තුවෙන් අයකර ගැනීම හේතුවෙනි.

නමුත් පෞද්ගලික සමාගම්වලට අඩු මුදලට ගුවන් තැපෑල හරහා ලිපි සහ පාර්සල් ගෙනයැමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉඩ දී තිබේ.

ගුවන් තැපැල් කටයුතු පවත්වාගෙන යැම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ විධිමත් ගිවිසුමක්‌ අත්සන් කර තිබුණේ නම් තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් මලුවල ආරක්‍ෂාව මෙන්ම රුපියල් කෝටි පහකට අධික මුදල් ප්‍රමාණය ද ඉතිරි කර ගැනීමට හැකියාව තිබුණු බව තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all